Is it love ?_17

94 16 19
                                    


රතු පාට වුණ වතුර ටික දිහා බලන් ඉද්දි එකපාරටම ජන්ගුක්ට පිටිපස්සෙන් හයියෙන් හුස්මක් ගන්න ගමන් මිලිසෙන්ට් පිහියකුත් තිය්ස්න් නැගිටලා හිටගනිද්දී අර ගෝත්‍රිකයයි ජේකේයි මිලී ළඟට දුවගෙන ආවේ මිලීගේ අත හොඳටම තුවාල වෙලා ලේ ගලන අතරෙයි .

" මිලී තමුසෙට මොකද්ද වුණේ . කොහොමද මේ විදිහට  තුවාල වුණේ " ජන්ගුක් මිලිසෙන්ට් ළඟට ඉක්මනින් එද්දී මිලිසෙන්ට් එකපාරටම faint වෙද්දී ජන්ගුක් ඉක්මනට ඇයව අල්ලගත්තා .

ඒත් එක්කම වගේ කිඹුලෙක් වතුරේ උඩ පාවෙනවා දැකපු ජන්ගුක් සහ ගෝත්‍රිකයා ඉක්මනින් මිලිසෙන්ට්ව අරන් අනිත් පැත්තට ගොස් බිමින් තබා මූණට වතුර ඉස තට්ටු කරමින් ඇයගේ සිහිය ලබාගත් පසු අර ගෝත්‍රිකයා තමන්ගේ මල්ලෙන් ගත්ත පොඩි කොළ ජාතියක් තමන්ගේ මුවින් සපා මිලිසෙන්ට් ගේ තුවාල වලින් තබද්දී ඇයට ඉබේටම වේදනාවට කෙදිරිලි පිටවූවා .

.

.

සතියක්ම එලෙසින් ගත වූයේ තුවාලය නිසා මිලීට ඇති වී තිබූ උණ තත්වයත් තුවාලය සමඟම සුව අතට හැරෙමිනි . ඒ අතරතුර බොහෝ දේවල් වෙනස් වී ඇති බව නම් නිසැකයි .

" මිලී ආ මේක කන්න " තමන් ළඟ තිබුණ කෑම ටිකක් මිලී දිහාවට දික් කරපු ජන්ගුක් දිහා බලපු මිලී " ඔයා කන්න , මට එපා " කියමින් අනිත් පැත්ත හැරෙද්දී ජන්ගුක් ' ලෙඩ මොනා තිබ්බත් මේ ගෑනිගේ කට නම් අඩු වෙලා නෑ හහ් .' හිතින් මිලීට බනින ගමන් " ආ මේක ගන්නවා බොරුව දාන්නැතුව , අනික තමුසෙගේ ඇඟේ හැටි බලනවා නිකන් අර සුදු පිහාට්ටගේ කෝටු කිතයි ඇඟ වගේ , තව ටික දවසකින් තමුසේ පේන්නේ නැතුවම යයි ඔහොම නොකා ඉදියොත් "

කොහොම හරි බැනලා බැනලා කෑම ටික දීලා තමන්ගේ ළඟ තියෙන කෑම ටිකට හොඳට වගකියන්න ගත්තා . ඒ අතරේ අර ගෝත්‍රිකයා මේ දෙන්නගේ මේ ළමා මානසිකත්වෙන් කරන වැඩ දිහා කටත් ඇරගෙන බලන් ඉඳියා . වෙන මොනවා කරන්නද ? එයාලා කියන දේවල් මේ මනුස්සයට තේරෙන එකක්‍ යැ . අනේ ඉතින් ඒ මනුස්සයා පැත්තකට වෙලා ඔහේ තාමත් බලන් ඉන්නවා .

.

.

" ඔය ටික දෙනවා මෙහාට , තමුසෙට පණත් නෑ හරියට පොල් කෙන්දක් වගේ ඕයි තමුසේ . " ජන්ගුක් තවමත් එක එක ඒවා කියන ගම්න මිලීට බනිද්දී මිලීට නම් ජන්ගුක්ව මරලා දාන්න තරම් කේන්තියකින් ඉදියේ . මොකද මේ දවස් ටිකේම මිලීට වැඩක් කරන්න තියා කිසිම දෙයක් නිදහසේ ජන්ගුක් කරන්න් දෙන්නේ නෑනේ . කොයි වෙලෙත් මොකක් හරි කරද්දී හාවා වගේ පැනලා බැනලා බැනලා මිලීව පැත්තකින්නින් ඉන්දලා එයා ඒ වැඩ ටික කරනවා .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now