First step_5

119 22 38
                                    


ලා හිරු රැස් ගස් වල අතු පතරින් පෙරී ගලා එන විට එහි අතු ඉති මත තිබුණු පුංචි දිය බිඳිති දියමන්ති කැට මෙන් තැනින් තැන දිලිසුණේ පරිසරයේ සිසිලසට ජන්ගුග් තව තවත් බැලැන්කට්ටුව තුළට ගුලි වන අතරතුරයි .

එක් වරම " ඕයි මනුස්සයෝ
මේකෙත් නැගිටිනවා . පරක්කු වෙන්න බෑ අපිට " මිලිසෙන්ට් jk ගේ කන ළඟට ගොස් එලෙස කෑමොර ගැසුවේ ජන්ගුග් තිගැස්සීමෙන් අවදි වෙද්දියි .

" ආශ් .. Fuck " ඔහුගේ මුවින් එය නික්මෙත්ම මිලිසෙන්ට් " උඹට ඇහුන් නැද්ද මිනිහෝ තාමත් ඔය රෙද්ද පෙරවන් මඟුලක් කර්න් නැතුව නැගිටිනවා... Damn " ජේකේට කෑගසා අන්තිම වචනේ තමන්ටම මුමුණගත්ත මිලිසෙන්ට් තමන්ගේ බෑග් එකට බඩු අඩුක් කරන්න ගත්තේ ජේකේත් නැඟිටලා ඉක්මනින් මිලිසෙන්ට් ළඟ තිබුණ අනිත් බෑග් එකට මිලිසෙන්ට් දෙන සේරම බඩු ටික දාගන්ද්දියි .

" ආ ඕක බීලා මේ මගුලත් කටට ඔබා ගන්නවා " මිලිසෙන්ට් සැන්විච් එක ජේකේ ගේ කටේ ඔබලා කොෆී එක අතට දීලා තමන්ගේ gun එක පැත්තකින් හේත්තු කරලා පිස්ටල් එක ඉණ පිටුපස රදවගන්න හැටි ජේකේ බලන් ඉදියේ හිතින් " සිරාවටම මං කෙල්ලොත් දැක්කා මෙහෙම කෙල්ලො දැකලා නෑ . " coffee එක බීලා ඉවර වෙලා .,

" මේ සිරාවටම මේ කෑම කොහෙන්ද ? " ජේකේ ප්‍රශ්න කරද්දී මිලිසෙන්ට් " plane එක ඇතුළේ තියෙනවා " කියන ගමන් bag එක කරේ එල්ල ගන්න ගමන් gun එක ආපහු තම අතට ගත්ත මිලිසෙන්ට් " යමු " කියමින් තමන්ගේ මුල්ම පියවර එළියට තැබුවේ පෙරදින වැස්සෙන් ආරක්ෂා වීමට තිබූ ඉටි කොළයද ගලවා දමමිනි .

එලියට ආව මිලිසෙන්ට් පරිසරයේ වැස්සෙන් පසු එන පිරිසිදු වාතාශ්‍රය තම පෙනහලු තුළට ඇද ගෙන ආපහු හිමින් සීරුවේ පිට කර , වැස්සටම තෙත බරිත වූ පොළොවෙහි අඩි තබමින් යන්නට හැරුණේ තම බූට් සපත්තුවට මඩ පස චිරිස් ගාමින් පෑගී යන අතරයි .

ජේකේත් බර අඩි තියමින් හිමින් සීරුවේ යන මිලිසෙන්ට් දිහා බලන් ඉක්මන් අඩි තබමින් ඇය වෙත යන්නට සැරසුණත් එක් වරම ඔහු ලිස්සා ගියේ පසේ තිබූ මඩ තලියකට පාදය තැබීම හේතුවෙනි .

" ආයිශ් .... ශිබාආආආආආඅල් " අසැබි වචන තම මුවින් නිකුත් කරන ගමන් ඔහු තම ඇඳුමෙහි ගැවුණු මඩ පිසලාලමින් ඉදිරිපස බලද්දී දැක්කේ මිලිසෙන්ට් කින්ඩියට වගේ ජේකේ දිහා බලන් කට කොනකින් smirk එකක් දාන් ඉන්න හැටියි .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now