Nightmare_11

83 19 24
                                    


වැස්ස ක්‍රම ක්‍රමයෙන් පහව තිබුණත් මේ වන විටත් ජේකේ ලුවිස් මිලී හිරිකඩ සමඟ තෙමී සිටියා.. ඒ වගේම ලුවිස් ට දැනටමත් නින්ද ගිස් තිබෙනවා දැකපු මිලී ,

" ලුවිස් " කථා කරත් ලුවිස් නැගිටින්නේ නැති පාර ටිකක් සද්දෙන් කථා කරපු පාර උඩ ගිහින් ඇහැරිලා මිලී දිහා බලලා වටපිට බලද්දි දැක්කේ ජේකේත් තමන්ට එහා පැත්තේ ඉඳන් ලුවිස් දිහා බලන් ඉන්න විදිහයි .

" ඇයි ඔයා........." ඉතුරු ටික කියන්නත් කලින්ම ලුවිස්ට එකදිගට කිවිසුම් කිහිපයක් යද්දී මිලිසෙන්ට් " අපොයි ! " කියවෙද්දී ජේකේ " බඩු පැකට් වගේ නේද bro " කියමින් පිටට තට්ටුවක් දාද්දී ලුවිස්ගේ කට ඇද වෙලා ගියේ තමන් පුංචි කාලේ ඉදන් අකමැති ජරාම ලෙඩේ හැදුනු එකට වගේම ඔහු වෛර කළා හැමවිටම ඔහුගේ ශරීරයේ දුර්වලකමට මෙන්ම මිලිසෙන්ට් ට වගේම ජේකේට තමන් නිසා උදව්වකට වඩා කරදරම තමන්ගෙන්ම සිදුවීම .

" guys අපි එහෙනම් යමු දැනටමත් අපි ගොඩක් වෙලා තිස්සෙම මෙතනනේ මං හිතන්නේ තුන්දෙනාටම අද එක කූඩාරමක් ඇතුලේම ඉඩ බෙදාගෙන් නිදාගන්න වෙයි , ලුවිස් ඔයාට අද නම් තනි අයිතිය දෙන්න වෙන්නැ ඒකේ " මිලී හිනාවෙලා කියන ගමන් ලුවිස් ගේ කොණ්ඩේ අවුල් කරලා නැගිටිද්දී ජේකේත් නැගිටල බ්ලැන්කට් එක බෑග් එකට දාගන්න ගමන් නැඟිටලා ලුවිස්ට නැඟිටින්න අත දුන්නේ කොහොමත් ලුවිස් අඩුපඩු නවන් ඉඳපු විදිහට දැනටමත් හිරිවැටිලා ඇති කියලා තේරුම් ගිය නිසාවෙනි .

තුන්දෙනාම හොඳ ආරක්ෂිත තැනක් හොයලා බලලා එතනින් tent එක ගහලා ඒකේ ඇතුලට ගිහින් මිලීට අයිනක් දීලා ලුවිස් මැඳින් තියලා අනික් කෙරවලට ගුලි වෙලා ජේකේත් ඉද්දී මිලී " guys ආ මෙන්න උදේ කඩාගත්ත පලතුරු ටිකක් මං කෝකටත් ඉතුරු කරගත්තා ." අනිත් අයටත් දෙද්දී වෙනදට පැනලා කාගෙන කාගෙන යන ලුවිස් අද එච්චර කෑවේ නැති එක පුදුමයක් වුණත් කෑම නැති නිසා වෙන්න ඇති කියලා හිතපු මිලී තමන්ගේ කොටස කන්න පටන් ගත්තා .

.

.

රාත්‍රියේ රැහැයියන්ගේ නාදයත් කණාමැඳිරියන්ගේ ආලෝකයත් බකමූණකුගේ මූසල හඬත් සමඟ වවුලන්ගේ අමිහිරි නාදයත් සමඟ තටු ගසන සද්දෙත් මිලීට සාප කිරීමක් දෙතොල් අතරින් මිමිණුනේ  " මේක නම් මහ මූසල night එකක් " කියමින් මහ රෑ නැඟිට්ටවෙද්දී ජේකේ හොඳට නිදන් හිටියත් මිලීට වෙනසක් දැනුණා ...

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now