Life or death_14

87 22 23
                                    


මිලිසෙන්ට් සහ ජන්ගුක් ගිනි මැලය ළඟ ඉඳගෙන මස් කැබලි කෝටුවක් ආධාරයෙන් රදවල පුලුස්සද්දී ,

" මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ , මේකෙත් දෙපැත්තක් තියෙනවා ,එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත  Life ඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑ අපි කොච්චර පිළිගන්න අකමැති වුණත් Death  ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට
තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ , මේ කාසියත් අපේ ජීවිතේ වගේ , ආ මේක ගන්නවා " ජන්ගුක් දිහාට කාසිය එලෙස කියමින් විසිකරද්දී එය අල්ලගත්ත ඔහු ,

"ඉතින් දැන් මේ කාසිය ඇයි මට දුන්නේ " ජන්ගුක් එලෙස කියමින් මිලිසෙන්ට් දිහා එක එල්ලේ බලද්දී ,

" ඕක උඩ විසික් කරලා බලනවා , මේ කැළෙන් යන්න පුලුවන්ද කියලා හිතට සහනයක් විදිහට වාසනාව උරගලා බලන්න ...... " මිලිසෙන්ට් දිගු සුසුමක් පිට කරමින් පිලිස්සී තිබූ මස් කැබැල්ලක් තම මුව තුළට දාගනිද්දී ජන්ගුක් කාසිය උඩ දාලා අල්ල මතට පතිත වූ ගමන්ම අනික් අතින් වහලා එකපාරටම කාසිය ගඟ දිහාට විසික් කලේ මිලිසෙන්ට් ජන්ගුක් දිහා කන එකත් නතර කරලා බලද්දීයි .

කාසිය වැටෙනවත් සමඟම මිලී " මොකෝ ඒක විසික් කළේ .... " හැඟීම් විරහිත මූණකින් බලන ගමන් එලෙස අහමින් ජන්ගුක් දිහාවට මස් කැබලි එකතු කොට තිබූ කූරක් දික් කරද්දී එය ඔහු අතට ගන්න ගමන් " හහ් ...... ඔය කාසියෙන් life ආවත් death ආවත් අපිට ඕනි ජීවත් වෙන්න මිසක් මැරෙන්න නෙවේනේ ....' life or death ' පුහ් ,  ඉතින් ඔය කාසිය බල්ලට ගියාවේ කියලා අපිට අන්තිම හුස්ම වෙනකන් life එකත් එක්ක පොරබඳිමු death කොයි වෙලාවකදී හරි අපි ළඟට එනකන් "

ඔහු හරිම සැහැල්ලුවෙන් වචන පෙළ කියලා දාලා මිලිසෙන්ට් ගේ සාක්කුවට එකපාරම අත දාලා ඇය හොරෙන් සඟවා තිබුණ සිගරැට් පෙට්ටිය අරන් ඒකෙන් එක සිගරැට්ටුවක් අතට ගෙන ආයෙත් පෙට්ටිය මිලී දිහාවටම විසි කරලා මිලිසෙන්ට් දිහා බලද්දී " මොකද ඔහොම බලන්නේ ... සිගරැට්ට එකක්නේ ගත්තේ මුළු පෙට්ටියම ගත්තේ නෑනේ "

කටකොනකින් සිනාසෙමින් ඔහු දබරැඟිල්ලත් මැඳගිල්ලත් අතර ගිනිමැලයෙන් පත්තු කරගත්ත සිගරැට්ටුව මුව මතින් තබා දුම් වලාවක් නාසයෙන් සහ මුවින් පිට කරද්දී මිලිසෙන්ට් " තමුසේ මං සිගරැට් බොනවා එතකොට දැක්කද ? "

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now