Life is an illusion_15

86 19 12
                                    


" ආශ් .. මගේ ඔලුව " ජන්ගුක් අමාරුවෙන් තමන්ගේ ඇස් දෙක අරින්න වෑයම් කරලා බොඳ වුණ චායාවන් ඔහුගේ දෑසට පෙනෙද්දී ඇස් ඇරිය ඔහුට පෙනුනේ උඩුබැලි අතට සිටින ඔහුව කිසිදු පරිශ්‍රමයක් නොමැතිව ඉදිරියට ඉබේම යන ආකාරය ඔහුට දැනුණා .

ඒත් එක්කම අමාරුවෙන් කලබලෙන් ඔලුව හරව හරවා වටපිට බැලුව ඔහුට පෙනුනේ ලීයක හරහට ඔහුගේ අතපය බැදන් ඇරන් යන අමුතු විකාර ඇඳුම් ඇදගත්ත මිනිස්සු ටිකක් තමන් උස්සන් යන විදිහයි .

" WTF ..... මේ මොන විකාරයක්ද ? ආශ් " ජේකේ දඟලමින් බැඳ තිබූ බැමි ලෙහා ගන්න අසාර්ථක උත්සහය්ස්ක නිරත වන විට එක්වරම තමන්ට පිටුපසින් ඇහුණ කටහඬක් නිසා දැඟලිල්ල නතර කළා .

" ඕයි මිනිහෝ තමුසේ කොච්චර දැඟලුවත් වැඩක් වෙන්නේ නෑ මේවා ලෙහා ගන්න බෑ . ලෙහා ගන්න පුලුවන් නම් මං තමුසෙට කලින් මේවා ලෙහාන පැනගෙන " මිලිසෙන්ට් ජේකේට එලිසින් කියද්දී ඔහු " මේ මොක්කුද ? " " අපි වගේ මිනිස්සු තමයි ඉතින් " මිලිසෙන්ට් ඕනෑවට එපාවට වගේ කියද්දී " විහිලු නොකර කියපන් ගෑනියේ " ජන්ගුක් සද්දෙන් කෑගහලා කියද්දී මිලී ,

" තමුසෙටත් ඇස් දෙකක් තියනවා නේද ? මේ ඉන්නේ රතු ඉන්දියානුවෝ " මිලිසෙන්ට් කියද්දී ජේකේ ඒ ඔලුවේ එක එක පිහාටු ගහගත්තු අමුතු අමුතු මාලා වළලු කරාබු දාපු ඒ ගෝත්‍රිකයෝ දිහා කටත් ඇද කරන් බලන් ඉදලා " මුන් අපිව කොහෙට ගෙනියනවද දන්නෑ නේද ? "

දිගින් දිගටම මෝඩ ප්‍රශ්න අහන ජේකේව මරන් කන සයිස් එකෙන් මිලිසෙන්ට් ජේකේ දිහා බලන් හිටියත් ජේකේ මිලිසෙන්ට් ට ඉස්සරහින් හිටපු නිසා මිලිසෙන්ට් ගේ කේන්තියට රතු වුණ මූණ වෙලාවට පෙනුනේ නෑ .

" මං දන්නේ කොහොමද යකෝ.. ගෙනියනව නම් ගෙනියන්නේ මුන්ගේ කට්ටිය ඉන්න දිහාවට තමයි " කේන්තියෙන්ම කෑගහලා කියද්දී ජන්ගුක් තවත් මුකුත් නොකියා ඉන්න තීරණය කළා .

.

.

සූර්‍යයාගේ දවසේ වැඩ නිමවීම නිසාද කොහේදෝ ඉක්මනින්ම බටහිර පැත්තෙන් පල්ලම් බැස්සේ අවට ක්‍රම ක්‍රමයෙන් අඳුරට රජ කිරීමේ අවස්ථාව සලසා දෙමිනි. සඳ කුමරියත් හිරු කුමාරයාගේ නික්මයෑම නිසා ඔහුව සොයන්න පාතැබූ නිසාද කොහෙද අහස එන්න එන්නම අඳුරින් වෙලා ගත්තා .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now