The plane crash_3

133 29 34
                                    


" hey bro ..... මොකද්ද bro උඹලා හැමෝම නිකන් අර කෙල්ලට දෙකයියෝ වගේ දෙකට තුනට නැවිලා බයෙන් ඉන්නේ ... ඒකි උඹලට වඩා උසස් post එකකද ? " කෙල්ල ටිකක් එහාට ගිය ටිකට jk soldiers ලගෙන් අහද්දී උන්ගේ මූණු ඩොලරයටත් වඩා පහත වැටුණු රුපියල වගේ වුණේ මැරයෙක්ගෙන් වුණත් කෙල්ලෙක් නිසා නිකන් කිච වෙන්න වුණ එකටයි .

" හහ්... උඹ ඔහොම කියන් නෑ millicent ගෙන් හොඳවයි කෑමක් කෑව නම් . taekwando , kungfu සටන් කලා හොඳටම පුලුවන් තව අපේ set එකෙන්ම best sniper shooter තව තියෙනවා ඒවා කියන්න බෑ බ්‍රෝ " එහෙම කියමින් ඔවුන් එතනින් හිමින් සීරුවේ ඉවත්ව ගියා .

" ඕඔ මිලිසෙන්ට් නමත් ගැළපෙනවා ... උඹ එච්චර කෙරුම්කාරියක්ද එතකොට හ්ම් " තමන්ගේ නිකට අතගාන ගමන් junGug තමන්ට ඉස්සරහින් ඉඳගත්ත මිලිසන්ට් දිහා බලන ගමන් කල්පනා කර කර ඉදියත් එකපාරටම plane එකේ පිටිපස්සෙන් මහා සද්ද්‍යක් ආවේ මිලිසෙන්ට් වගේම අනිත් අය සේරමත් එක්ක ජන්ගුග් පවා නැගිට්ටුනේ ඒ තරම් සද්දෙට ඒ ශබ්දය ඇහුණ වගේම ඒ නිසා plane එකත් විශාල දෙදරුමකට ලක් වුණේ හැමෝම balance එක තියාගන්න try කරද්දීයි .

මිලිසෙන්ට් ඉක්මනට නියමු කුටියට ගොස් " මොකද්ද වුණේ " කලබලෙන් අහද්දී නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙක් " අපිව කඩන් වැටෙන්නයි යන්නේ , plane එකේ එන්ජින් දෙකක් පුපුරලා " මිලිසෙන්ට් " ශිට් " එලෙස කියන ගමන් මිලිසෙන්ට් තමන්ගේ සඟයන් ඉන්න තැනට ගොස් " guys , මේක කඩන් වැටෙන්න යන්නේ , අපිට සමහරවිට බේරෙන්න බැරි වෙයි " හැමෝම දිහා බලද්දී ඔවුන්ගේ මූණු අඳුරු වී මැළවී ගියත් ඔවුන් සියල්‍ය් දෙනාම එක්වරම බඳා ගත්තේ jk ට මෙතන සිද්ධ වුණ කිසිදෙයක් හරි හැටි නොතේරුණු මූණකින් බලන් ඉද්දියි .

" hey මොකද්ද සිද්ධ වෙන්නේ මෙතන , මාවත් ටිකක් දැනුවත් කරානම් නරකයිද ? " එලෙස කියමින් තමන්ගේ මාංචු දාපු අත් දෙකම දික් කරන් අහද්දියි මිලිසෙන්ට් " මිනිහෝ , අපි සේරම මැරෙන්න යන්නේ , මේ මඟුල කඩන් වැටෙන්න යන්නේ " කියමින් පොලොවට වැටෙන්න ටික වෙලාවක් තිබිද්දී ඇස් පියාගන්න ගමන් හයියෙන් තමන් ඉන්න ශීට් තද කරලා අල්ල ගත්තේ , සුළු මොහොතකින් ගුවන් යානය පොලොව මතට පතිත වූයේ මුළු ප්‍රදේශයම මහා සද්දයකින් දූවිලි පිට දූවිලි නංවමින් ගුවන් යානයේ කොටස් කොටස් ගැළවී අවට පරිසරයේ විසිකරන ගමනුයි .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now