Deal_4

116 26 34
                                    


වලාපට කාල වර්ණිත මහීෂයන් දුව එන්නාක් මෙන් මුළු ආකශය පුරාම පැතිරී වනය ද අඳුරු කරමින් සුළඟක් ද හමා යන මොහොතේ මෙරූන් මුළු වනය පුරාම තම කුඩා පියාපත් සලමින් තම පුංචි සිරුරත් උසුලාගනිමින් වනයේ සිටි වන සිව්පාවුන්ට වැහි බර කාළගුණයක පෙර නිමිත්තක සේයාවක් දෙමින් ඉගිල ගියේ මිලිසෙන්ට් සුන්බුන්ව තිබූ ගුවන් යානය තුළ සිට අවට පරිසරය දිහා තම තියුණු එහෙත් බලාපොරොත්තු කඩවුණු දෑස් වලින් බලා සිටින මොහොතේයි .

" ඔහ් ... ගොඩක් ලොකු වැස්සක් අත ළඟ වගේ . මං මොකද කරන්නේ . මෙහෙම දිගටම ඉන්න කැළෑවක ඒකත් මේ ලොකෙන්ම භයානකම ඇමර්සන් වල .. " තමන්ටම එලෙස මුමුණගත්ත මිලිසෙන්ට් එලෙසම සිටියදී සීතල සුළං රැල්ලක් හමා ගියේ ඇයගේ මුලු ගතේම හිරිගඩු නංවමිනි .

එවිටම වගේ ඇයගේ දකුණු කන අසළින් උණුසුම් සුසුම් රැලි සමඟ " මේ මං ඉද්දී මොකට ද අනේ ඔයා ඔච්චර බය වෙන්නේ . සීතලෙන් වගේ නේද ඉන්නේ ? ආආ " ගැඹුරු සරාගී කටහඬක් පිටුපසින් ඇසෙද්දී මිලිසෙන්ට් පුදුමෙන් පිටුපස හැරී ,

" තමුන්ට මේකත් ආතල් එකක් වුණා ද මිනිහෝ . තෝව මට පේන්න බෑ සයිබීරියානු කැහැටු හිවලා .. තමුන් ඇමරිකාවට නොආව නම් මේ මගුල් එක්කවත් නෑ රෙද්ද " jk ගේ මූණට අතමිටි ගුලි කර වේගවත් නොවූ නමුත් යම් තරමක සැර ප්‍රහාරයක් එල්ල කරේ jk නහයත් අත් දෙකෙන් අල්ල ගන්න අතරෙයි . ඒත් ආයෙත් ,

" ඔහ් බබා , ඔච්චර කේන්ති ගන්න එපා ඉතින් ලැජ්ජාවට කියලා මං දන්නවා " එලෙස නැවතත් හිනාවෙන ගමන් කියවද්දී මිලිසෙන්ට් " තොට මම අද " කියමින් jk ට ආයෙත් වතාවක් පහර දෙන්න කකුල උස්සලා kick කරත් jk එකපාරටම මිලිසෙන්ට් ගේ කකුල අල්ලන් පිටුපසට තල්ලු කලේ මිලිසෙන්ට් ගේ balance එක නැතුව පිටුපසට වැටෙද්දී යි.

" ආආආආහ් , තමුන් නම් මට මහ හිසරදයක් මිනිහෝ . Go to the hell " පොලොවේ වැටිච්ච තැනින් ඉඳගෙනම මිලිසෙන්ට් තමන්ගේ අත් දෙකෙන් පොලොවට ගසන් ගමන් බිම තිබුණ බඩු jk දිහාවට විසි කරද්දී jk ඒවා මඟහරින ගමන් මිලිසෙන්ට් ව තව තවත් කේන්ති ගස්සලා " මෙව්වනේ යකෝ ආතල් කියන්නේ , මේකි නිකන් පරමාණු බෝම්බයක් වගේ ටක් ගාලා ක්ෂණිකව පුපුරනවා "

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now