One night in the jungle _6

124 20 17
                                    


එක්වරම තමාට පිටුපසින් අඩි ශබ්දයක් ඇසෙනවාත් සමඟම මිලිසෙන්ට් තමන්ගේ gun එකත් ඒ දෙසට දිගු කරමින් gun එක load කරග්න ගමන් trigger එකට තමන්ගේ දබරැඟිල්ලත් ලාවට තබා ගනිමින් තම sharp eyes වලින් මාන බලා සිටියේ එන එකාව සදහටම නිදි කරවීමේ අදහසකිනි .

තව තවත් ඒ අඩි ශබ්දය වඩාත් ළඟින් ඇසෙත්ම මිලිසෙන්ට් අවධානය ඒ දෙසටම දී සිටින අතරේ එක්වරම පඳුර අතරින් එලියට ආව කෙනා මහ හයියෙන් කෑගැහුවේ ගස් වල අතු මත වසා සිටි කුරුලු කොබෙයියන් ඒ ශබ්දයට බියව අතු මතින් නැඟී ගුවන කරා කෑගසමින් පියාසර කරන අතරයි .

" හෝඕඕඕඕඔව්ව්ව්ව් .... මෑම් මේ මම " තමන්ගේ අතේ තිබුණ දර සියල්ලක්ම වගේ බිමට අතාරින ගමන් අත් දෙකත් උස්සන් ලුවිස් බෙරිහන් දුන්නේ මිලිසෙන්ට් කොටියෙකු ගොදුරකට මානගෙන ඉන්නවා වගේ gun එක තමන්ගේ පැත්තට දික් කරන් ඉන්නවා දැක බිය වූ හේතුවෙනි .

" ඔහ් I'm really sorry luvis .... I think ...Ah Don't mind it ..." තමන්ගේ gun එක පහතට දාන ගමන් අනිත් අතින් තම නළල ඇඟිලි තුඩු වලින් තෙරප ගන්න ගමන් ඇය කලින් තමා හාන්සි වී සිටි ගස ළඟටම ගොස් පිටදී හිඳගනිමින් තම බෑගය තුළට අත දමා වතුර බෝතලය හෙව්වත් ඒක තිබුණේ නෑ .

" What the fuck ... Where is it ? " එක්වරම ලුවිස් " ආ මෑම් ... මේක මෑම් ඇවිදිනකොට වැටෙනවා මං දැක්කා . මට ඒක දෙන්න අමතක වුණා ." තම අතට ඉණේ ගසා ගෙන තිබූ මිලිසෙන්ට් ගේ පිස්ටල් එක මිලිසෙන්ට් දිහාවට දික්කරද්දී මිලිසෙන්ට් පුදුමෙන් " ඔහ් මේක තමුන් ළඟද තිබුණේ ... මං හිතුවේ අර මිනිහා මේක උස්සලා කියලා " තමන්ගේ ඉණ පිටුපසින් පිස්ටල්ෙක රදවමින් එලෙස කියද්දී ,

" කෝ මෑම් අර මිනිහා " ලුවිස් ගිනිමැලයක් ගහන්න දර ටික අපිළිවෙලට තබන ගමන් අහ්ද්දී මිලිසෙන්ට් " කවුද දන්නේ මං ඇස් පියා ගත්ත ටිකට මිනිහා අතුරුදහන් ... ඕකා මොන මඟුලේ ගියත් මට මොකද ? " වෙඩි බෙහෙත් ටිකක් සමඟ ලයිටර් එකක් ලුවිස් ගේ අතට එලෙස කියමින් දුන්නේ ලුවිස් දාගෙන අර පෙගුනු ගිනි පෙට්ටියෙන් දර ටික පත්තු කරන්න අසාර්ථක උත්සහයකින් නිරත වෙන ගමන් සිටියදී .

" ලුවිස් ආ මේක ගන්න අද දවල්ටත් මුකුත් කාලා නෑනේ මේ කැළේ ඇවිද්දා මිසක් " බනිස් ගෙඩියක් දික් කරන ගමන් මිලිසෙන්ට් එලෙස කියද්දී ලුවිස් අමාරුවෙන් පත්තු කරපු ගිනිමැලේ පැත්තේ ඉදන් මිලිසෙන්ට් ගේ පැත්තට දැලි ගා ගත්ත අතකින් ඒ බනිස් ගෙඩිය අරගනිද්දියි මිලිසෙන්ට් ට ඒ වෙලේ හිනා ගියේ ගිනිමැලේ පත්තු කරා කෙසේ වෙතත් මුළු මූණේ ඉදලා සර්වාංගෙම දැලි නාගෙන ඉන්න හැටි දැක්කාමයි .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now