The human mind is uncertain and changeable_18

63 16 24
                                    


සති සති කෙමෙන් කෙමෙන් ගෙවී ගියා වගේම ඔවුනුත් කෙමෙන් කෙමෙන් ජීවන සාරය උරා බොන වනය තුළ කෙළවරක් සොයමෛන් ඇවිද ගියා .

ඒ වගේම ජන්ගුක්ගේ හිතේ මිලී ගැන තිබුණ හැඟීම එන්න එන්න දලු දාමින් වැඩෙමින් තිබුණා . ඔහුට රාත්‍රි නින්දට ගියත් ඇයගේ වශී වෙලා යන ජාතියේ නිල් ඇස් දෙක පෙනෙන්න ගත්තා . සිහින වලත් ඔහු ඇය හා ජීවත් වුණා .

නමුත් සිහින වල සිටි මිලිසෙන්ට් ජන්ගුක් සමඟ ආදරයෙන් සිටියත් ඇත්තටම මිලී ජන්ගුක්ව දකින්නේ මොනවගේ කෙනෙක් විදිහටද කියලා ජන්ගුක්ට හිතාගන්න බැරි වුණා .

ඔහුට අනුව ඇය ප්‍රෙහෙලිකාවක් ම වූවා .

" ආහ් මේ feeling එක නිසා මං දැන් පිස්සෙක් වෙලා වගේ දැනෙන්නේ ..... Fuck . ට්ගමුසේ මට මේ මොනවද ඕයි කළේ රෙද්ද . ආඅහ් " ඔහුට දරා ගන්න බැරි තැන . ඔහුගේ ආදරේ ඇය තේරුම්ගෙනද නැද්ද ?යන්න පිළිබඳව ඔහු නිතර සිතමින් කාලය ගත කළා මෙන්ම මිලීගේ හැඟීම් විරහිත මූණේ අඟල්ක් නෑර ඔහුගේ කළු දෑස් ගෙනයමින් කුමන හෝ වෙනසක් එනම් ඔහු ගැන හැඟීම් පොදක්වත් තියෙනවද නැද්ද ? ඔහු කල්පනා කළේ එපමණයි .

විටෙක ඔහුට අමතකයි ,

ඔවුන් සිටින්නේ කැලෑවක .

එහෙත් තවමත් play වෙන chessboard එකක කියන එක . හතුරෝ කොහෙන් මතු වෙලා කොහෙන් කපලා යයිද කියලා හිතාගන්න බැරි ,

ඔහු හැඟීම් වලට වහල් වෙලා . King ට Queen නිසා වෙන්න පුලුවන් කරදරත් අමතක වෙලා . එකින් එක ඉත්තෝ කැපිලා තමන් පරාජය වෙයි කියන එක ඔහුට අමතක වෙනවා . ඔහුට විටෙක ඒ දැනෙන හැඟීම විහිලුවක් විදිහටයි දැනුනේ .

එහෙත් ඔහු ඒ හැඟීම මැඩපවත්වා ගන්න දක්ෂ වුණා . මොකද ඔහුයි black panther . හැඟීම් වලට වහල් නොවූ අහංකාර දරුණු කාටවත් හිස නොනැමූ සෙල්ලක්කාර ජීවිතයකට උරුමකම් කිව්ව මැර නායකයා.

ටිකකින් ,

" ජන්ගුක් .... " මිලී දැන් කීපවතාවක්ම ජන්ගුක්ට කථා කළත් ජන්ගුක්ගෙන් ඇයට ආපසු ප්‍රතිචාරයක් නම් නෑ . ඒ වෙනුවට ඔහු තවමත් පිළිමයක් වගේ ඔහේ මිලීගේ මූණ වෙනස් වෙන අයුරු බලන් ඉන්නවා කියලා ජන්ගුක්ට තේරිලා නෑ තවම .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now