Separation_20

97 18 15
                                    


ගෝත්‍රිකයාට සේරම ජන්ගුක් කියලා දීලා ආවට මොකෝ ජන්ගුක්ට දෙයක් අමතක වුණා ඒ තමයි ඒ මනුස්සයට ජන්ගුක් කියන දේවල් තේරෙන්නේ නෑ කියන එක .

කොහොම වුණත් room එකෙන් එලියට ඇවිත් වටපිට බල බල ජන්ගුක් තව කෙනෙක්ව හොයද්දි එකපාරටම ඔහු බලාපොරොත්තු වුණ කෙනා හම්බවුණා . මිලිසෙන්ට් උඩ තට්ටුවේ ඉදන් පහළ ට බැහැගෙන ආවත් අද ලොකු වෙනසක් තිබුණා මිලී කවදාවත් නැතුව ගවුමක් ඇදලා ඉන්නවා.

" වොහ් " ජන්ගුක්ගේ කටින් එලෙස පිටවෙද්දී මිලීගේ මූණෙන් නම් එච්චර හොඳක් පේන්න තිබුණේ නැහැ . " ජන්ගුක් මට කථා කරන්න දෙයක් තියෙනවා "

මිලී ජන්ගුක්වත් ඇදගෙනම ගෙදර කෙල්වරට වෙන්න තියෙන ටැංජරීන් ගහක් ළඟ තිබුණ bench එකෙන් ඉන්දවද්දි ජන්ගුක් ප්‍රශ්නාර්ථ මූණකින් මිලීගේ මූණ දිහා ඔහේ බලන් ඉදියේ මිලී කරන දේවල් ගැන හිතාගන්න බැරුවයි .

"  ජන්ගුක් මෙහෙන් ඔයා ඉක්මනට යන්න . ආ මෙන්න ඔයාගේ අයියට කථා කරලා කියන්න ඔයා ඉන්නේ brazil වල ### farm එකේ කියලා කියන්න ඉක්මනට " ජන්ගුක්ගේ අතින් phone එකක් තියන ගමන් මිලී වටපිට බැලුවේ කවුරුත් ඉන්නවද කියලා තහවුරු කරග්න්න තිබුණ උවමනාවෙන් .

කියන පමාවට ජන්ගුක් ඔහුගේ හියුන්ට call එකක් අරන් සේරම විස්තර පස්සේ කියන්නම් කියන පොරොන්දුව පිට ඉන්න තැන ගැන කියලා phone එක ආපහු මිලීගේ අතට දෙද්දී මිලී සාලේ හිටපු ටේහ්‍යුන්ට ස්තූති කරන ගමන් ආපහු ජන්ගුක් ඉන්න තැනට ඇවිත් ඉදගනිද්දී ජන්ගුක් ,

" මිලී තමුසේ මොනවද කරන්න හදන්නේ ආ " ජන්ගුක් ටිකක් ගැඹුරු කටහඩකින් අහද්දි මිලී " ඔහ් මං දැන්නේ දැක්කේ තමුසේ ආව ගමන් රැවුලත් කපලා " මිලී හිනාවෙන ගමන් ජන්ගුක් දිහා බලද්දී ජන්ගුක්ගේ හදවත් ගොඩක් වේගෙන් ගැහෙන්න ගත්තා .

" තමුසෙ ගවුමක් ඇන්දම ලස්සනයි " ජන්ගුක් මිලීගේ කන ගාවට පාත් වෙලා හිමින් සීරුවේ කිව්වේ මිලීට ඉබේටම ඒ වචන වලට හිත ඇතුලෙන් ගැස්මක් ඇති වෙන අතරෙයි .ඒත් ඒ කිසිවක් නොපෙන්නපු මිලිසෙන්ට් " ජන්ගුක් මට පොඩි උදව්වක් කරනවද "

ඔහ් මෙන්න මිලී ජන්ගුක්ගෙන් උදව්වක් ඉල්ලනවා . ඒක නම් ඇත්තටම පුදුමයක් . ඒත් ජන්ගුක් මුකුත් නොකියම ඇස් වලින් කියන්න කියලා ඉඟි කරද්දී " ඔයා යනකොට ටේහ්‍යුන් වත් එක්කන් යනවද plz "

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now