99.9 _7

106 22 25
                                    


උදේ කුරුල්ලන්ගේ නාදයත් සමඟම අවදි වූ මිලිසෙන්ට් දැක්කේ තවමත් තමන්ට එහා පැත්තේ ඉදන් කටත් ඇරන් හොඳට නිදන් ඉන්න ජේකේවයි ." ආආආහ් මේකා මිනිහෙක්ද වලහෙක්ද සිරාවටම පුදුම ගෙරවිල්ලක්නේ යකෝ තිබුණේ , එතකොට අරූ මහ හයියෙන් සොම්බියා වගේ විලාප තියන්නේ " පෙරදින රාත්‍රියේ මිලිසෙන්ට් අසළ නිදා සිටි ජේකේගේ වගේ ලුවිස්ගේ නින්ද කොහොමද කිව්වොත් ඒක මිලිසෙන්ට්ට මහා ලොකු හිසරදයක් වෙලයි තිබුණේ.

ඇත්තටම කිව්වොත් luvis ගේ කෑගැහිල්ලට වඩා jk ගේ ගෙරවිල්ලේ තරම කිව්වොත් මිලිසෙන්ට් හත් අට පාරකට වඩා මොකෙක් හරි සතෙක් තමන් ඉන්න පැත්තට ඇවිල්ලා කියලා බයේ ඉක්මනට නැගිට්ටත් ඒ හැමපාරම මිලිසෙන්ට් ට දකින්න ලැබුණේ තමන්ගේ නින්ද උපරිම සතුටින් බුක්ති විදින ජේකේවයි .

කොහොමහරි ඒ ගෙරවිල්ලටයි විලාපෙටයි පින් සිද්ධ වෙන්න මිලිසෙන්ට් ට පාන්දර වෙනකන්ම උරුම වුණේ කුකුල් නින්දක් කිව්වොත් මං වැරදි නෑ . ඒත් පස්සේ හිමින්සැරේ මිලිසෙන්ට් ට තිබුණ විඩාවත් එක්කම නින්ද ගියත් උදේම කුරුල්ලෝ රංචු පිටින් කෑගහපු නිසා මිලිසෙන්ට් ගේ නින්ද ආපහු නොඑන්නම පස්ස දොරෙන්ම පලා ගියා .

" මේ රෙද්දේ කුරුල්ලොත් මෙතනට ඇවිල්ලා මට කෙලෙව්වානේ ශික් මගේ නින්ද , මුන්දෙන්නට නම් මොකෝ කටවලුත් ඇරන් මලපෙරේතයෝ දෙන්නෙක් වගේ කුණු කෙලත් පෙරාගෙන නිදි ශිට් " ගස් වල වහලා ඉදපු කුරුල්ලන්ටයි තමන්ට එහා පැත්තේ බිම සැපට නිදන් හිටපු ජේකේ යි , ටෙන්ට් එක ඇතුලට වෙලා ආතල් එකේ තමන්ගේ හීන ලෝකෙක ගත කරමින් හිනාවෙවී නිදන් ඉදපු ලුවිස් දිහායි බලන් මුමුණගත්ත මිලිසෙන්ට් , ජේකේ වයි ලුවිස්වයි බොහොම අමාරුවෙන් නැගිට්ටවන ගමන් මිලිසෙන්ට් gun එකත් අරන් ලුවිස්ට යමක් කියලා යන්න ගියේ ලුවිස් ,

නිවිලා දුම් දමමින් තිබුණ ගිනිමැලේ ආපහු පත්තු කරන ගමන් පුංචි කරු දෙකක් දෙපැත්තෙන් තියලා එතනම බිම ඉඳගන්න ගමන් කලකිරුණ මූණකින් ඔහේ වම් කම්මුලට වම් අතත් තියන් ගිනිමැලේ දිහා බලන් ඉද්දී ජේකේ ත් " මුගේ මූසල මූණ දැක්කාම දවසම එපා වෙනවා බලන් ඉන්න හැටි " මුමුණගෙන " ඕයි ..... " ජේකේ කථා කලත් හ්ම් සද්දයක් නැතුව තාමත් ඔහේ ඉදපු ලුවිස් එකපාරටම උඩ ගිහින් බැලන්ස් එකත් නැතුව වැටුණේ මහ හඩින් වෙඩිල්ලක සද්දයක් කැළෑව පුරා දෝන්කාර දෙමින් නිකුත් වීමෙනි .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now