Mr.bunny_9

83 17 37
                                    

මං කලින් chapter එකේ පොඩි වෙනස්කම් වගයක් කලා ලොකුවට නෙවේ ටිකක් . කැමති නම් උඩින් පල්ලෙන් බලන් එන්න ...

///////////////////////////////////////////////////////////////////////

ජේකේ එක්වරම අවදි වුණේ සද්ධ බද්ධ ටිකක් ඇහුණ නිසයි . ඇස් පියාගෙනම නැඟිටල්ත් කම්මැළිකමේම හිමින් සීරුවට ඇස් දෙක ඇරලා බලද්දී දැක්කේ මිලිසෙන්ට් දර ටිකක් උස්සන් ඇවිත් ගුහාව ඇතුලේ ගොඩ ගහනවා දැකලා   " මිලිසෙන්ට් මොකද මේ අපි අද යන්නේ නැද්ද එතකොට " තමන්ට හිතුණ දේ එහෙන්මම ඉඳගෙනම මිලිසෙන්ට් ගෙන් අහද්දී මිලිසෙන්ට් මඳක් සිනාසී " නෑ ජේකේ දවසක් දෙකක් ඉඳලම යමු මොකද ලුවිස්ට යන්න බැ කියලා පේනවනේ "

ලුවිස්ව පෙන්න ගමන් මිලිසෙන්ට් පවසද්දී ජේකේත් ලුවිස් දිහා බලලා සුසුමක් හෙලන ගමන් " හ්ම් හරි " කනස්සල්ලෙන් වගේ හිමින් සීරුවේ මුමුණද්දී මිලිසෙන්ට් " sorry jk මං දන්නවා අපිට ඒකෙන් ටික දවසක් අපේ අරමුණ පස්සට දාන්න වෙනවා ඒත් ඊට කලින් අපි ජීවත් වෙලා ඉන්න ඕනි " දුක් මුසු ස්වරයෙන් ඇයත් හීන් හඩකින් පවසමින් එතනින් ටිකක් ඉඳගෙන bag එක ඇදලා ඒකෙන් කලින් palne එක ඇතුලේ තිබිලා අරගත්ත noodles packet කීපයකින් තුනක් අරන් පැත්තකට වෙන්න තිබුණ භාජනේකට බෝතලෙන් වතුර පුරවද්දී ජේකේ පොඩිවට ගිනිමලයක් ගහලා මිලිසෙන්ට් ට කෑම එක හදන්න උදව් කලා .

එක පාරටම හීන් කෙදිරිලි හඩක් එක්ක " හම්මේ මාර සුවඳයිනේ මොනවද ඒ " ඇස් දෙකත් පියන් නැඟිටපු ලුවිස් එතනට ඉබ්බෙක් වගේ හිමින් සැරේ ඇවිත් ඉඳගනිද්දී මිලිසෙන්ට් ලුවිස්ට එයාගේ කොටස දීලා " ලුවිස් දැන් ඔයාට කොහොමද " අසන විට ලුවිස් " දැන් ගොඩක් දුරට අඩුයි මිලී " කියමින් කෑම එක කටට දෙකට කාගෙන කාගෙන ගියේ ගොඩ දවසකින් මෙහෙම කෑම එකක් කෑව නිසයි .

" ලුවිස් තමුන් ඔහොම්මම ඉන්නවා ඔතනින් හෙල්ලෙන්නෙ එහෙම නැ අපි එනකන් තේරුණාද " මිලිසෙන්ට් ඔරවලා එලෙස තදින්ම කිව්වත් " ඒත් මිලී " කට ඇරලා ආපහු කියන්න හදද්දිම මිලිසෙන්ට් " කථා කරන්න එපා තමුන් තව එක වචනයක්වත් කලින් පාර කියන දේ අහන්නේ නැතිව කරපු දේවල් හොඳටම ඇති " ස්ථීර හඬකින් කියමින් එතනින් පිට වෙලා යද්දී ජේකේ ලුවිස්ට ඇද කරලා පිටිපස්සෙන යන දිහා බලපු ලුවිස් තමන්ගේ අත් දෙකත් බැඳන් ඔරවන් ඉන්න අතරේ ඒ අසලම තිබුණ ගහක හිටිය හවුලර් වර්ගයේ රතු පැහැතී ලෝම වලින් පිරුණු වඳුරෙක් උගේ දත් ටිකත් පෙන්නමින් ඉන්න එක ලුවිස් දිහා ඒකාත් විරිත්තමින් බලන් ඉන්නවා වගේ පෙනුනු ලුවිස් ඌට ළඟ තිබුණ ගලකින් ගහද්දී ඌ ඒක වැදුනු පාර උගේ අතේ තිබුණ පලතුරු ගෙඩියකින් ලුවිස්ගේ මූණටම ගහල විරිත්තමින් ගහින් ගහට පැන පැන ගියේ ලුවිස් තමන්ගේ නහයත් අල්ලන් " මටමනේ මේවා වෙන්නේ " කියමින් ගලට හේත්තු වෙලා ඔහේ බලන් ඉදියා .

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now