Heavy rain_10

83 19 29
                                    


දවස් දෙකක් එලෙසම වනය තුළ එලෙසින් කාලය ගෙවී යද්දි ලුවිස්ට සනීප වෙලා තිබුණ නිසා මිලී ජේකේ ලුවිස් තුන්දෙනාම ආයෙත් තමන්ගේ ගමනාන්තය පටන් ගද්දි පඳුරු අතරින් රිංගමින් ඈත් කරමින් වන සතුන් සර්පයින්ගෙන් ඝහණ කැළෑව තුළ ගමන් කරේ බඩගින්නද නොතකමිනුයි .

සැදෑයාමය නැවත දසත පතුරවමින් කැළාව අඳුරින් වෙලා ගනිද්දි වෙනදා වගේම සුපුරුදු විදිහට දර කෝටු එකතු කරමින් ගිනි මැලයක් ගහද්දි එයින් අවට තිබෙන ගස් වල අතු ඉති කොළත් සමඟ සුළඟත් එකතු වූ විට එන ශබ්දයත් සමඟ ගින්දර නිසා අවට අඳුර යාන්තමින් පහව ගිය එහෙහ් අර සුළඟේ හඩත් සමඟ එකතු වූ විට අතු ඉති සෙලවෙන විට හොල්මන් අවතාර ඝහණ භූත කැළාවක් ලෙස දැනෙනු නොඅනුමානයි .

ලුවිස් ඒ දෙස බයෙන් බලා සිටින විට ඒත් සමඟ බකමූණකුගේ මූසල හඬත් සමඟ ඔහුගේ හිත තවත් කීරි ගැහී ගියාක් මෙන් බයටම ඔහු ළඟ සිටි ජේකේ ළඟින් ඔහු ඉඳගනිද්දී ජේකේ මේ මොන සමයංද වගේ බැල්මක් හෙලලා ටිකක් එහාට යද්දී ලුවිස් ආයෙත් ඔහු ළඟටම නිකන් ගම් ගාලා ඇලෙව්වා වගේ ඇදිලා එද්දී මිලිසෙන්ට් ,

" අන්තිමට මෙච්චරයි අපිට ඉතුරු වුණේ " කියමින් බෑග් එකෙන් මාෂ්මෙලෝස් පැකට් එකක් එලියට අරගෙන ඉස්සරහ බලද්දී දැක්කේ ජේකේවත් බදන් ඉන්න ලුවිස්වයි ලුවිස්ව අයින් කරන්න බැරිම තැන මූණත් බෙරි කරන් අහක බලන් ඉන්න ජේකේවයි .

" hey මෝඩ ජෝඩුව මොකද ඔය " අහද්දී " අපි මෝඩ නෑ " ජේකේයි ලුවිසුයි තරහා මරහා අමතක කරලා එක කණ්ඩායමක් වෙලා එකටම කියද්දි මිලී " මං අහන්නේ ඇයි ඔය දෙන්නා බදාගෙන ඉන්නේ " ආයෙත් දෙන්නගෙන්ම අහද්දී ඉන්න විදිහ මතක් වුණ ජේකේ ලුවිස්ව තල්ලු කරද්දී ලුවිස් තල්ලු වෙලා මඩ ගොඩක් උඩ පතබෑවුණේ " ඊයා මේ ජරාව මගේ ඇගේම ගෑවුණා " කැගහමින් මඩටික පිහදාද්දී මිලිසෙන්ට් ඒ දිහා හිනා වෙලා බලා ඉද්දී ජේකේ මිලිසෙන්ට් ගේ හිනාව දැකලා ඔහුටත් ඉබේම හිනා ගියේ කේන්තියත් පැත්තක දාලා .

" ආ මෙන්න ඕවා තමා ඉතින් දැන් තියෙන්නේ හෙට උදේම දඩයම් කරන්න වෙයි අපිට " මිලිසෙන්ට් ජේකේටත් ලුවිස්ටත් කෝටුවක ගසා මඳක් පුළුස්සපු මාෂ්මෙලෝස් දෙද්දි කට්ටියම ඒ ටික කාලා ඉක්මනටම නිදාගත්තත් මහ රෑ කෑගහන සද්දයක් ඇහුණ පාර ජේකේයි මිලීයි දෙන්නම උඩ ගිහින් ඇහැරිලා මොකද්ද බලද්දී ලුවිස් හීනෙන් බය වෙලා කෑගහනවා දැකපු මිලිසෙන්ට් ලුවිස් ළඟට ගිහින් නැගිට්ටවලා සන්සුන් කරද්දී ජේකේ ,

L̶i̶f̶e̶ o̶r̶ D̶e̶a̶t̶h̶ || JJK ✔Where stories live. Discover now