රකිත්ව ගෙලිඔය ටවුමෙන් බස්සන් දේදු ගියේ ගෙදර.
ගෙදර කිව්වට ඒ නූතන ගෘහනිර්මාණ ශිල්පයට ගැලපෙන විදිහට අලුත්වැඩියා කරපු වලව්වක්. දේදුගෙ තාත්තා වගේම අම්මත් පැවත එන්නේ උඩරට ප්‍රසිද්ධ රදල පරම්පාවන්ගෙන්. විජයසුන්දර මුදියන්සේලාගෙ පෙලපතින් පැවත එන දේදුගේ පියා වුණු ලයාන් විජයසුන්දර මහතා පවුලේ බාල පිරිමි දරුවා නිසාවෙන් වලව්ව ලියැවුනෙ ඔහුගෙ නමට.දේදුගේ පියා හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ අතර මව වන ආර්යා සෙනෙවිරත්න මහත්මිය, ගෘහ නිර්මාණශිල්පිණියක විය. වලව්වේ සියලූම අලුත්වැඩියා කටයුතු ඇය විසින් සිදු කෙරුණේ මැද මිදුල, සොල්දරය, වී අටුව වැනි එහි පෞරාණික සාම්ප්‍රදායික අංගයන් වල කිසිඳු හානියක් සිදු නොකරයි.
"කාගෙද පුතා වාහනේ"
ගෙදර ඇතුලට අඩිය තියත්ම ප්‍රශ්නයක් පැණ නැගුනේ, සාලයේ වූ සෝෆාවේ අසුන්ගෙන පත්තරයක් බලමින් තේකක් තොලගෑ, ලයාන් මහතාගෙන්.
"දේශාන් අයියගෙ, අප්පච්චි"
"දේශාන්....?"
නොඅසා ඇසූ ප්‍රශ්නයට දේදු හරි සන්සුන්ව උත්තර දුන්නා.
"Society එකට ඕනි electric බඩු වගයක් ගන්න මාතලේ යන්න වුණා. බඩු වැඩි නිසා අයියගෙන් වාහනේ ඉල්ලගත්තා. හෙට ගිහින් දෙනව."
පුතා ගැන අංශුමාත්‍රයක කහටක් නොතිබුණ හින්දා ඔහු දේදුව විශ්වාස කරා යැයි ඇඟවීමට හිස වැනුවා.
"අප්පච්චි, අම්මි කෝ"
"තාම ආවේ නෑ, site එකට ගියා අද. ඇයි පුතා"
"නෑ, මේ අර Day එකට stage එක යි entrance එකයි හදන්න ටිකක් advance idea එකක් ඕනි. අම්මිගෙන් පොඩි help එකක් ගන්න බැලුවෙ"
"ආහ්, Day එකත් තියෙනවා නෙ. නර්මදා පුංචිගෙ දූලගෙ එකත් මේ ළඟදි තිබ්බා. ඔයාල ගියාද"
ඔය අර අඩි දහයක් උඩින් යන මන්දිරේ කැකුළියක්. අහිංසා, නර්මදා විජයසුන්දරගේ වැඩිමහල් දියණියත් ඉගෙනුම ලැබුවේ ඒ පාසලේ. අහිංසා යනූ කුඩා කල සිටම දේදු සමඟ එකට වැඩුණු ඔහුට සමීපතම ඥාති සහෝදරියක්. කොල්ලෙක්ට හැකි කෙල්ලෙක්ට නොහැකි දේ ඇරුණම අහිංසා කරේම දේදුව අනුකරණය කරපු එක.
දේදු bio කරද්දි අහිංසාත් bio කරන්න ආවෙ ඒ නිසා කියල මේ ගැන දන්න අය කිව්වත්, අහිංසාටත් දේදුට හා සමානවම දක්ෂතාවයත් බුද්ධියත් පිහිටා තිබුණා. ඒ නිසාම අහිංසාට ඇගේ පාසලේ විද්‍යා සංගමේ සභාපති බවට පත් වෙන්න අමාරු උන්නෑ.