Day එක ඉවර වෙදි හරියටම දවල් 1.30 යි. එතනින්ම ගෙවල් වලට පැනගත්ත පිරිස ඇර ඉතිරි හරිය අත්පත් කරගත් ජයග්රහණයත් එක්කම ආපහු තමන්ගේ "Alma mater" වෙත වාර්තා කරේ හෙන ආඩම්බරෙන්.
දේදු ඉතින් කවදත් නිහඬ ජයග්රාහකයනෙ. අනික් අයගේ ප්රශංසා මැදිහත් සිතින් බාරගත්ත කොල්ලාගෙ මූණෙ අද වෙනදට වඩා හිනාවක් තිබ්බ."ඈ බන් දේදුවෝ. උඹ හැමදාම හිනා වෙලා ඉඳින්කො ඔහොම"
කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වගේ පේන දේදුගෙ හිනාව දිහා බලන් ඒම කිව්වෙ බිනර.
"උඹ දන්නවද ඇයි මූ අද ඔච්චර හිනාවෙන්නෙ කියල"
"ඇත්තට ඇයි"
"මුගෙ අතට "Best speaker" award එක දුන්නේ 'සෙවනගල' CEO අතින්නේ. ඒකයි...."
ඔය කිව්වෙ ඉතින්. ඒ කිව්ව කතාවට සහෙල්ගෙ තට්ටෙ මුදුනට "ටාං" ගාල පාරක් වැදුනෙ හිතන්නවත් බැරි වෙලාවක.
"මෝඩ පකය කිව්වොත් කියන්නෙ කට කැඩිච්ච කතාවක් තමා"
"අම්මට හුඩු මගෙ ලව් එක. මාත් එක්ක තාමත් තරහද පැටියෝ"
"උඹට උදේ කාපු එක මදි වෙලාද මේ දඟලන්නෙ"
හසංග කියපු එකට ප්රතිචාරයක් වශයෙන් සහෙල් හස්ත මුද්රාවෙන් කටට ශිප් එක දාගද්දි වටේ ඉන්න ඔක්කොම ඔලුව දෙපැත්තට වැනුවෙ මුන් දෙන්නගෙ පැටිකිරිය දන්න නිසා.
ජයත් සමරල කට්ටියත් එක්කම විසිර යද්දි 3.30 යි. සුපුරුදු route එකෙන්ම දංගොල්ල හන්දියට ආපු ගැන්සියෙන් රකිත් නුවර පැත්තට යද්දි හසංගයි සහෙලුයි පිලිවෙලට මාවනැල්ල, පැණිදෙණිය බස් දෙක්කට ගොඩ උනා. දැන් ඉතුරු දේදු තමා. විනාඩි 15 ක් විතර යද්දි හෙමින් කොට කොට ආවේ ගම්පොල ප්රයිවට් ලඩයක්. තිබ්බ පොඩි මහන්සියත් එක්ක අහුවෙන එක්ක යන්න බලන් ඉඳපු දේදු ඉස්සරහ දොරින්ම බස් එකට ගොඩ වෙලා හිස් දෙකේ ශීට් පහු කරන් ගියේ එයාගෙ දයාබර පසුපස අසුන වෙත.
මෙන්න වැඩක්.
අද දවසට දෙවෙනි පාරටත් ඒ කෙනා හම්බෙද්දි දේදුට නිම් හිම් නෑ.ඒත්....
සුදුපාට මූනෙ පැත්තක් රතුවෙලා.
තොල කෙලවරේ පැලිච්ච තැන ලේ කැටි ගැහිල. කොල්ලා ඇස් දෙකත් පියන් ජනෙල් වීදුරුවට ඔලුව තියන් හිටියේ. ඊට එහාපැත්තෙන් තිබ්බ ඉඩේ දේදු වාඩි උන්නෑ බස් එක ගහපු break පාර පොරව ඉන්දවෙව්වා. එක පාරටම ඇති උන කම්පනේට ගැස්සුන කොල්ලා හෙමීට ඇස් ඇරල බැලුවා.