5th Chapter

5K 685 70
                                    


"ඒ කියන්නෙ ඔයා මෙහෙ නේද"

"කවුද"

"ඈහ්"

"ඈහ් ගාන්නෙ යකෝ. තෝ දැන් කිව්වෙ"

"පිස්සුද උඹට"

"ඔව් ඔව්, දැන් උඹත් එක්ක ඉඳල මටත් අංගොඩ පේන මානේ තියෙන්නෙ"

"කට වහන් ඉස්සරහ බලාගනින්"

"උඹ කියනකන් හිටියේ"

කසු කුසුවෙන් ම තමන්ගෙ කටින් ගිලිහුණු වාක්‍ය අල්ලන් රණ්ඩු උනු සහෙල්ව මෙල්ල කරපු දේදු තමන්ගෙ අවධානයත් Day එකේ වැඩ වල යොමු කරා.

පොල්තෙල් පහන දැල්වීමෙන් හා ආගමික වතාවත් වල නිරත වීමෙන් පසු සුපුරුදු පරිදි "Grand Opening" වීඩියෝ පටය ප්‍රක්ෂේපකය හරහා තිරය මත වැටෙන්න සැලැස්වුවේ වෙස්තර විද්‍යා සංගමය විසින්.

"Artificial Intelligence"

මේ සැරේ ඔවුන්ගේ සංකල්පය.
මුළු ශාලාවෙ සිටි පිරිස ඇස් යොමාගෙන තිරය දෙස බලන් ඉඳියත් එක්කෙනෙක්ගෙ නම් මුළු අවධානයම යොමු වෙලා තිබ්බෙ වෙන පැත්තකට.

ඒ දෑස් දිලිසෙනවා. කුතුහලය, නැවුම් බව, අලුත් දේවල් ගැන තියෙන උනන්දුව නිසා ඇති වෙන භාව ප්‍රකාශනයන්ගෙන් මුහුණ තප්පරෙන් තප්පරේට දීප්තිමත් වෙනවා.

'මරු නේද බන්, අර බලපන්කො'
'ආස හිතෙනවා ඕයි'

මුවින් පිටවෙන, සවනට නොවැකෙන මුත් දෑසට පෙනෙනෙ වචන වලින් ඔහුගේ හිතේ තමන්ට ඉහල පංතියේ සහෝදරයින් ගැන තියෙන ගෞරවය හොඳින්ම කැපිල පෙනුනා.
වීඩියෝ පටය අවසන් වන තුරුම අඳුරුව තිබුණ ශාලාව හරහා ගැලූ කෙටි ආලෝක කදම්බයකින් පෙනුනු තිරය මත නොවන ඒ දර්ශනය දිහා දේදු බලන් හිටියේ පුදුමාකාරා තෘප්තියකින්.

නැවතත් සුපුරුදු පරිදි ශාලාව ආලෝකමත් කල විට මුවඟ රැඳි මන්දස්මිතයක් එක්කම දේදු හෙමින් සීරුවේ ඉස්සරහ බලාගත්තා.
විද්‍යා සංගමයේ ළමුන්ගේ සුහද නිවේදන අභිනයන් නිසා ශාලාවෙ තිබුණු ප්‍රකෘතිමත් ගතිය එන්න එන්නම වැඩි වෙමින් තිබුනේ.
සිත් ඇදගන්නා සුලු විෂයානුබද්ධ ක්‍රියාකාරකම්, ලංකාවේ නව නිපැයුම්හිලා මහත් වූ කර්තව්‍යයක් සිදුකරන, ඔවුන්ගේ පාසලේම ආදිශිෂ්‍යයකුද වන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකුගේ කතාවත් අවසානයේ සුළු විවේක කාලයක් ලබා දුන්නේ පුටු වල රත් වෙන පශ්චාත් ඹ්හාගයන්ට නිවන්සුව පෙන්වමින්.

...Where stories live. Discover now