38th Chapter

5K 531 141
                                    


ශෙවින් එක්ක ගමේ ගෙවුණු පහුගිය දවස් තුන හතර ඇතුලත දේදුට එයාගෙ ජීවිතෙ යොවුන් දරුවෙක් විදිහට මගෑරුණු ගොඩක් දේවල් අත් විඳින්න හැකියාව ලැබුනා. එයා කිසිම දවසක ඇඟේ දූවිලි බිංදුවක්වත් ගාගන්නැතුව හැදුන කොල්ලෙක්. ඩයල් එක බස් එකේ ඉස්කෝලෙ ගිය ටික විතරයි. එතනින් එහාට gym, clubs, resorts අස්සෙ කුණු බිඳක්වත් නොගෑවී ගත කරපු ජීවිතයක් දේදුට තිබ්බෙ.
ඒ ඉතිං අම්මයි අප්පච්චියි පුතාව හදපු විදිහ තමයි. එහෙව් එකෙක් ගමක් මැදට ඇවිත් මේම පරිසරයත් එක්ක ඔට්ටු වෙන එක ඇත්තටම හෙන වෙනසක්, හරියට අර වෙන රටකට ගියාම දැනෙන cultural shock එක වගේ. නුවරට කොළඹ තරම්ම නාගරීකරණය අතින් මහ ලොකු බලපෑමක් නොතිබ්බත් ඔය ඒ අවට සමහර ළමයි ඉන්නවා පුවක් ගස්වත් දැකලා නැති. හැබැයි ඒ අතින් බලද්දි නන් දේදු හොඳයි, මොකද ගස් ගැන පොර දන්නවනෙ.

ඉතින් ශෙවින් දේදුව ගම වටේ එක්කන් ගියේ ඌ නොදන්න ගොඩක් දේවල් කියල දෙනගමන්. අම්මලා සිල් ගන්න ගිය දවසෙ දේදුවත් අඬ ගහන් ශෙවින් එදා එයාල එද්දි දැකපු වෙල් පිට්ටනියට ගියේ එයාගෙ යාලුවොන්ට මෙයාව අඳුන්නලා දෙන්න. එතන නෙක නෙක වයස් වල කොල්ලො කුරුට්ටො දේදු එක්ක කතා කරද්දි මූත් සුපුරුදු බුම්මට්ටා face එකම පෙන්නන් ලාවට කතා බහ කරලා හිටියා.
ඒ ඉතින් උගෙ හැටිනේ.
ශෙවින්ට නන් එසේ මෙසේ දාංගලයක් නෙවෙයි තිබ්බෙ. පිටියට අවතීර්ණය උන ගමන්ම වගේ මිනිහා බෝල පලන්න ගත්තෙ දන්න සිල්ප සාස්තර සියල්ලක්ම යොදලා.
ඒ උනාට අරූ නම් ක්‍රිකට් ගහන්න ගියේ නෑ, පැත්තක ඉඳන් බලන් හිටියා ඇරෙන්න.

මුලදි මුලදි ශෙවින්ගෙ යාලුවෝ ටිකට දේදුව ඇල්ලුවේ නෑ. හැබැයි මුන් බෝල ගගහා ඉද්දි එතන්ට ආපු ග්‍රාම සේවකගෙ පුතණ්ඩියා එක්ක දේදු හෙන ලොකු කයියකට වැටුනයින් ඩයල් එකට මේකව සෑහෙන්න හිතට ඇල්ලුවා. මොන මගුලක ගියත් යන දිහාකින් ලොකු මිනිස්සුන්ව සෙට් කරගන්න දේදුට තියෙන්නෙ පට්ට හැකියාවක්. ඔය හින්ද උනේ අනික් කොල්ලො ටිකටත් දේදු එක්ක කතා කරල ඉන්න වුනු එක. එතනින් එහාට ඉතින් මූ අරුන්ගෙ බොක්ක ෆිට් එක තමයි.
ඊට පස්සෙ දේදුගෙයි ශෙවින්ගෙයි ජීවිතෙ ගෙවුනේ ගම මැදම විතරයි.
උදේට කාලා ගෙදරින් පැනගන්න කොල්ලො දෙන්නා ආපහු එන්නෙ ගොම්මන් වෙලාවත් පහුවෙලා.

...Where stories live. Discover now