37th Chapter

5.1K 507 142
                                    


"අඩේ අහිංසාට මාට්ටු වෙයිද බන්"

"මොන හුත්තක් ද ඕයි, එලියට ආවෙලේ ඉඳන් ඒකි ගැන කියවනව කියවනව ඉවරයක් නෑ.
උඹට ඔච්චර බය නන් පලයන් ගිහින් ගෑනි එක්කම ඉඳපන් රෙද්ද."

සහෙල් රකිත් ට බැන්නෙ පාර මැද දි.
මේ වෙලාවෙ මොකද වෙන්නෙ කිව්වොත් සෙට් එක පිටින්ම class එකෙ intervel එකෙන් පැනල උඩ පාරට ඇවිදන් යනගමන් ඉන්නෙ.

"නටන් නැතුව ඉඳහන්.
ඇහුවොත් පචයක් ගහගන්න එක මහ කජ්ජක් නෙවෙයි නේ උඹට."

ඒ අදහස් දැක්කුවේ විපුල.

"අහංකො රකියා, මේක අද හෙට කරනොගත්තොත් ආය කවදා කරගන්න ද බන්. බලපන් නිවාඩු දීල දැනටම දවස් හතරක් ගියා දැනුනෙවත් නෑ.
ඉක්මනින් ගේමක් ගහගන්න තරමට අපිටමයි වාසි"

"හ්ම්ම්ම්, ඒකත් ඇත්ත."

කර වටේ අතක් දාගෙන් බිනර කිව්ව එකට රකිත් ඔලුව උඩ පහල වනන ගමන් හූමිටි තිබ්බා. කොච්චර කැරි වැඩ කරත් බිනර හොඳ එකා. ඌ හොඳටම දන්නවා අහිංසා ව දාගන්න රකිත් කාපු කටු. අනික අහිංසා මූ එක්ක සෙට් උනෙත් මුට ඉගෙන ගන්න පුළුවන් නිසා.
ඒම සෙට් වෙලා පහුවදා කෙල්ලත් ඉද්දිම class එකෙන් පැන්න කියල මාට්ටු වෙන එක සිරාවටම චාටර් නේ.
පොරට ඒකයි අවුල, නැත්තං ඕක උට මහ කේස් එකක් නෙවෙයි.
හැබැයි කට්ටිය දැන් මේ යන ගමන උගෙ නම්බුවටත් වඩා වටින එකක් නිසා මොන මගුල උනත් රකිත්ට යන්නම වෙනවා.

"අරූ highschool එක ළඟ කිව්වා. සතීෂ අයියත් ඇවිත්ලු."

විපුල phone screen දිහා බලන් එහෙම කියද්දි කට්ටියම ටිකක් පය ඉක්මන් කරේ අදාල තැනට යා ගන්න.
උඩ පාරේ odel mall එක ළඟට ඇවිත් එතන ඉඳන් අඩි දහය යද්දි සෙට් එකට අත වැනුවේ වත්සල.

"සර්ට note නොවී ශේපෙ පැනගත්‍තා නේ...?!"

"ඔව් ඔව්. දැන් කෝ අනික් එකා"

වත්සලගෙ ප්‍රශ්නෙට උත්තර දීපු විපුල එහෙම අහන ගමන් වටපිට බැලුවා.

"ටික්කට කලින් Kingswood එක ළඟ කිව්වා. දැන් එයි."

"ඒ සහෙල්, සුධිය අයියා අපේ සීන් එක හින්දම ද ආපහු ඇවිත් තියෙන්නෙ"

"නෑ නෑ. උගෙ වැඩකට ආපු පාර"

"ආහ්"

වත්සල අහපු එකට සහෙල් උත්තර දුන්නේ හොඳට පාර දිහා බලන ගමන්.
ඔය අතරෙ සෙට් එක ළඟට ඇවිත් නතර කරේ තනි කලු KDH dark prime එකක්.
ඒත් එක්කම වගේ driving seat එකේ shutters පාත් උනා.

...Where stories live. Discover now