මුලින්ම අභියෝග්යතා පරීක්ෂණයකට මූණදෙන්න සලස්වාලා ඒකෙන් ගන්න ලකුණු මට්ටම් අනුව විවාද සඳහා පාසල් 12ක් වට 6 කට බෙදල තිබුණා. තම පාසලින් සංවිධානය කරන තරඟයක් නිසා වෙස්ට'ස් ලගෙන් විවාද කණ්ඩායමක් සහභාගි උන්නෑ.
ඒක තමා සාමාන්ය විරිත.
බදාදා, බ්රහස්පතින්දා දෙදින ඇතුලත විවාද තරඟ පැවැත්වූණේ සවස 1.30 න් පසුව. සියලූම තරඟ වටයන් අහවර වෙද්දි, අවසන් වටයට තේරී පත් උණු පාසල් විදිහට
රාජකීයන්ගෙ පාසලත් මායාවියන්ගෙ පාසලත් නම් කෙරුණා.අද තමා "Final Battle" එක.
දේදු වෙනදට වඩා ටිකක් කලින් පාසලට යන්න සූදානම් උනේ ශිෂ්යනායකයකු ලෙස ඔහු සතු වගකීම් ඉෂ්ට කිරීමටත් අසවල් පාසලේ Day එකට යන්නත් කාලය කළමණාකරණය කරගැනීමට අවශ්ය වූ නිසා."පුතා, අද මන් එක්ක යන්"
ගෙයින් එලියට අඩිය තියද්දිම දේදුට ඔහුගේ පියා කතා කරා. ලයාන් මහතා උදෑසන සායන වලට යන දවසට කුකුළත් අතේ තියාගෙනමයි එලි බහින්නෙ.
වෙන විශේෂ වැඩකුත් තිබ්බෙ නැති එකේ දේදු හිස වනා passenger seat එකේ වාඩි උනා."අද නේද අරහෙ Day එක. Nervous වගේද කොල්ලට"
ලයාන් මහතා වාහනය ප්රධාන පාරට දමනවාත් සමඟම නිහඬව සිටින තම පුතුගෙන් විමසුවා.
"එහෙම එකක් නෑ අප්පච්චි."
"ඔව් ඉතින් ඔයාට ඕව නුපුරුදු දේවල් නෙවෙයි නේ"
"ම්ම්ම්"
"පරිස්සමින් වැඩ ටික කරගන්න පුතා. ඔයාගෙ නොසන්සුන්කමට ඔයාව පාලනය කරන්න දෙන්න එපා"
එතෙක් වේලා වැසුණු ජනෙල් කවුලුවෙන් එලිය බලා සිටි දේදු තරමක් සැලකිල්ලෙන් යුතුව පියා දෙස බැලුවා.
"මන් දන්නවනෙ ඔය කාලෙට තියෙන තෙල.
Don't overstrain yourself on small things.
Big things await for you end of the aisle."ලයාන් මහතා පවසන දේවල් වල කිසිම ගැලපීමක් හිතා ගැනීමට බැරුව දේදු ආපහු ජනෙල් කවුලුවෙන් එලිය බලාගත්තා.
'අප්පච්චි මොනා ගැනද මේ කියවන්නෙ.'
දේදු නැවතත් ලයාන් මහතා දෙස ඇහැකොනින් බැලු කල ඔහුගේ මුහුනේ ඇඳි මන්දස්මිතය දේදුගේ මනස තවත් ව්යාකූල කරන්න සමත් උනා.