40th Chapter

5.5K 471 145
                                    


මුලදි ground එක මැදට එක එකා ආවත් ටිකක් වෙලා යනකොට තමයි කට්ටිය හොඳ හොඳ සෙල්ලං අල්ලන්න පටන් ගත්තෙ.
යෙනුෂ්කගෙ වැඩකෑලි ටිකෙන් පස්සේ hype උනු කොල්ලො ටික stunt කරන්න ගත්තෙ වතාවකට එක bike එක්ක දෙතුන් දෙනා ඉන්න විදිහට. තමන්ගෙ gf ලව එක්කන් ආපු කොල්ලො, ඒ කෙල්ලොන්ව bike එකේ වාඩි කරවන් තනි රෝදෙන් පිට්ටනිය මැද couple stunt spins දාද්දි උන්ගෙ යාලුවෝ ගිරිය පැලෙන්න කෑ ගහනවා.
ඒකටම හරියන්න තියෙන dj එකත් පට්ට.

ඔය වෙන සිද්ධි ඔක්කොම දිහා මෙතන මුලසුන දරන පිරිස පිට්ටනියේ කොණේ land cruiser එකට හේත්තුවක් දාන් බලන් ඉන්නෙ හෙනම උජාරුවෙන්.
අතරින් පතරෙ මුන් ගාවට සමහර විසේකාර අම්මණ්ඩියෝ ආවත් යෙනුෂ්ක ඇරුණම අනික් උන් එකෙක්වත් උන්ව ගනන්ගන්නෑ. හැබැයි මේ වෙද්දි යෙනුශ්ක ත් taken for a while.
ඩයල් එක කලින් රෝස මල දුන්න grid girl එක්ක එතන උඩ කැලේට රිංගුවේ අර සෙට් එකට ඇහැකුත් ගහලා.

"අර හුත්තට මෙතනත් රෙදි ගලවන්නැතුව ඉන්න බැරි හැටියක්."

සදෙව් එහෙම කිව්වෙ කලුවරටත් එක්ක වැඩිය පේන්නැති කැලේ දිහ බලලා. ඒක ඇහුණු හසංගයි දේදුයි දෙන්න මූණට මූන බලාගෙන කට කොණකින් මදහසක් හුවමාරු කරගත්තෙ ඕකව හදන්න බෑ කියල උන් හොඳාකාරවම දන්න හින්දයි. ඕකා කොහොමත් චිරාත් කාලයක් Singe පිට ඉන්නෙත් ඔය වගේ වාසි බලපොරොත්තුවෙන් තමයි. දේදුත් ඉතින් ඔය බෝට්ටුවේමනෙ. එකම වෙනස තමා අරූ එලි පිට රෙදි ගලවද්දි මූ රෙදි ගලවනව ලෝකෙත් දන්නෑ.
යෙනුෂ්කගෙ පැටිකිරිය ඇදගෙන සෙට් එක විහිලු කර කර ඉන්න අතරේ, ඔච්චර වෙලා කෑ ගගහ හිටපු crowd එකේ සද්දෙ ලාවට අඩු වෙන්න ගත්තා. සීන් එක මොකද්ද බලන්න මේ කට්ටියත් අවධානය යොමු කරේ එතනට් ආපු කෙනා දිහාට.

"Look, Who's back"

"R1 එකක් පකෝ"

"කෙලි පැටික්කිගෙ ලස්සන බලපන්කෝ..."

"ඕයි සද්දේ..."

ආපු කෙනා කෙසේ වෙතත් බස්සපු වන්ඩියට තමා හැමෝගෙම ඇස් උඩ ගිහින් තියෙන්නේ.

Yamaha R1 එකක් කියන්නෙ High capacity motorcycle නොහොත් superbike එකක් වගේම afford කරන්නත් සෑහෙන වත්කමක් තියෙන්න ඕනි විදිහේ යකඩ හීනයක්. කෝමනුමුත් ලංකාවෙ ඕවා තිබ්බට පාරෙ ride කරන්න තහනම්. ඒකට වෙනම අවසර ගන්න ඕන සීන් එකක් තියෙනවා.
ඇරත් ඉතින් මේ රටේ පාරවල් වල තියෙන traffic හැටියට මොන superbike ද ඕයි.
හැබැයි එහෙමයි කියල තියෙන උන් ඕව ගෙවල් අස්සෙ තියන් බකන් නිලන් ඉන්නෙත් නෑ.

...Where stories live. Discover now