39th Chapter

5.2K 490 182
                                    


"ඔයාට හෙට යන්නම ඕනිද අයියේ...
තව එක දවසක් ඉමුකෝ."

"මාත් ආසයි මිනූ, ඒත් මේ වැඩේට මාව ඕනමයි."

"මට පාලු දැනෙයි."

"මටත්."

දේදු ඇඳේ පැත්තක වාඩි වෙලා එයා අරං ආපු රෙදි බෑග් එක අස් කරනවා. ශෙවිනුත් දේදුගෙ උරහිස උඩ නිකට තියන් එයාව පිටිපස්සෙන් බදාගෙනයි උන්නේ.

"එතකොට ඔයා දවසම busy ද..."

"ම්ම්ම්...
එහෙම වෙයි. ගෙදර ගිහින් එහෙම්මම හසංගත් එක්ක මාතලේ යන්න වෙන සීන් එකක් තියෙන්නේ."

"ඕහ්..."

දේදු ඇඳුම් ටික අඩුක් කරලා ශිප් එක වහල බෑග් එක ඇඳේ පැත්තකට තල්ලු කරේ ඔච්චර වෙලා එයාව පිටිපස්සෙන් බදාගෙන හිටපු ශෙවින් ව ඇඳල අරං ඔඩොක්කුවේ වාඩි කරගෙන.
එක පාරටම උන දේට චුට්ටක් ගැස්සුනාට මොකෝ කොල්ලත් ඔය වගේ sudden moves වලට හෙන ආසයි. දණහිසින් නවාගෙන කකුල් දෙක දෙපැත්තට දාලා දේදුගෙ ඔඩොක්කුවේ වාඩි උන ශෙවින් එයාගෙ අත් දෙක අරයගෙ බෙල්ල වටෙන් දාගත්තේ ඒ හරියේ චුට්ටක් වැවිලා තියෙන mullet එකත් එක්ක සෙල්ලන් කරන්න තිබ්බ ආසාවට. ඔය අතරෙ දේදුත් ශෙවින්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගන් කොල්ලගෙ ඇඟෙන් විහිදෙන මල් සුවඳ විඳමින් හිටියෙ.

"අයියේ..."

"ම්ම්ම්..."

"ඔයා මට බොරු කිව්වා නේද"

ශෙවින් එහෙම අහද්දි දේදු බෙල්ලෙන් අහක් වෙලා උගෙ මූණ දිහා බැලුවා.

"එයා ඇත්තටම මැරිලා නෑ නෙ...?!"

"ඒවා අතීතෙට අයිති දේවල් මිනූ.
ආය ඒ ගැන කතා කරල වැඩක් නෑ."

"නෑ, වැඩක් තියෙනවා."

ශෙවින්ගෙ කටහඬේ තිබ්බෙ මුරණ්ඩු ස්වරූපයක්.

"ඒ වගේ කෙනෙක්ගෙන් ඇති වැඩක් නෑ.
අඩුම එයා අපි දෙන්නා අතරෙ මෙහෙම කතා වෙන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි."

"ඇයි ඒ"

"අපි ඒ ගැන පස්සෙ කතා කරමු,
දැන් නිදාගන්න එන්න."

දේදු එහෙම කියන ගමන් ශෙවින්ව ඇඳෙන් තියන්න ලෑස්ති උනත් එයා ඒකට ඉඩ දුන්නෑ.

...Where stories live. Discover now