45th Chapter

7.5K 524 816
                                    


"ශෝක් හුළඟ..."

"ම්ම්ම්..."

දේදුයි ශෙවිනුයි මුතුකෙලින වැව ගාවින් ටිකක් උඩට වෙන්න තිබ්බ තැනිතලාව වගේ හරියට ඇවිත් Rose ව නවත්තලා ඒකට හේත්තුවක් දාගෙන ඈතින් පේන කඳු පන්තියි, ඒවා උඩට බාලා තියෙන වලාකුලුයි දිහායි බලන් ඉන්නෙ. පොඩි පොදයක් ගිහින් තිබ්බ හින්දා වටේ හීන් මීදුම් ගතියකුත් නොතිබ්බම නෙවෙයි.
මෙයාල ඉන්න තැනට සැලකියයුතු තරමක් දුරින් හිස් කොටසක camping කරන්න ආපු දෙතුන් දෙනෙක් ඇරෙන්න ඒ අවට තව මනුස්ස පුලුටක් පේන තෙක්මානෙක හිටියෙ නෑ.

"අයියෙ එන්නකෝ"

ශෙවින් දේදුගෙ දකුණු අතින් ඇද්දා. දේදු ඉන්න තැනම නොසෙල්වී ශෙවින්ගෙ මූණ දිහා ඇස් බැමිත් උස්සල බලන් උන්නෙ 'ඇයි' කියල අහන්න වගේ.

"එනවකො..."

ඒ පාර ශෙවින් දේදුගෙ අත එයාගෙ අත් දෙකෙන්ම අදිද්දි දේදුත් කැමැත්තෙන්ම ඇදිල ගියේ Rose ගෙ යතුර ගලවලා කලිසම් සාක්කුවට දාගන්න ගමන්.
ඊටපස්සෙ ශෙවින් දේදුවත් එක්කන් ගියේ තැනිතලාවෙන් පහල තියෙන පඳුරු ගොඩ මැදට.
ඔතනට හුළඟ යහමින් එන හින්දම ඒ පොඩි පොඩි බූස්ස පඳුරු ටිකේ කොල වල තිබ්බෙ හීන් දිගැටි හැඩයක්.

"නුවර හෙන ලස්සනයි."

ශෙවින් එහෙම කියල අර පඳුරු ගොඩ මැදට ගිහින් අත් දෙක දෙපැත්‍ත විහිදුවන් හිටගත්තේ ඇස් දෙක පියාගෙන හුළං එන අතට මූණලාගෙන. කොල්ලා ඇඳන් හිටිය ඇඟට වඩා දෙගුණයකට පොඩ්ඩක් විතර අඩු සැහැල්ලු ලා රෝස පැහැ කමිසයයි සුදු ලිහිල් ලිනන් දිග කලිසමයි හුළඟ හින්දා ඇඟට ඇලිලා ඒ හරහා උගෙ ඇඟේ හීන්දෑරි කාඩ කොලු හැඩේ දේදුට පෙනුනේ හිත මත් කරවන, ගතට නිම්හිම් නැති කරවන ශෘංගාරයෙන් නෑවුණු සිලුවටයක් විදිහට.
දේදු හිටියෙ ශෙවින්ට අඩි කීපයක් පිටිපස්සෙන්. ඉතින් මූත් වැඩිය සද්ද බද්ද නොකරම ශෙවින් පිටිපස්සෙන් ගිහින් එක අතක් කොල්ලගෙ බඳ වටේ දැනී නොදැනෙන්න යවල පැත්තකින් හිටගත්‍තා.
එකපාරටම දැනුණු ආගන්තුක නොවන අනපේක්ෂිත ස්පර්ෂයට ශෙවිනුත් ලාවට නොගැස්සුනාම නෙවෙයි.

"ද...?"

කලින් ශෙවින් කියපු එකට දේදු උත්තර දුන්නෙ ප්‍රශ්නාර්ථයකින්.

...Where stories live. Discover now