8th Chapter

4.8K 668 80
                                    


එදා දුරකතන අංක හුවමාරුව දේදුයි ශෙවිනුයි දෙන්නා අතරෙ තිබ්බ හාදකම ශක්තිමත් වෙන්න හොඳ රුකුලක් උනා.
දේදු කියන්නෙ සාමාන්‍යයෙන් තමන්ගෙ පාඩුවේ ඉන්න මනුස්සයෙක් නිසා online life එකෙත් එයාට කාත් එක්කවත් පණිවිඩ හුවමාරු කරගන්න උවමානවක් තිබ්බෙ නෑ.
කෝමනමුත් දේදුව දන්න මනුස්සයෙක් පහුවුණු සති දෙක තුනේ එයාගෙ chat history බැලුවොත් guinness records වලට කතා කරනවා ලොවෙත්. එච්චරකට වැඩේ නැගලම යනවා.
ශෙවින් දේදුට දවසට එක කෙටි පණිවිඩයක් හරි එවන නිසා ගෙදර ආපු ගමන් phone එක check කරන වැඩේ එයාගෙ එදිනෙදා දිනචර්යාවෙ කොටසක් වෙලා තිබ්බා.
ඒත් ඒ chat එකේ උදේට Good Morning රෑට Good night වගේ ඒව නෙවෙයි තිබ්බෙ.

'අයියේ, මට පට්ට game එකක් හම්බුනා ඕයි´

'මගෙ pc එකට windows ගහගන්න දන්න තැනක් නැද්ද´

'අයියා අඳුනන කෙනෙක්ගෙන් අඩුවට vj card එකක් ගන්න බැරි වෙයිද´

'COD 1v1 ගහමුත....´

ශෙවින් කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම game පිස්සෙක්.
ඒ හන්දම අන්න අර වගේ request ගොඩක් තමා දේදුට ආවේ. හැබැයි දේදුත් ඒ request ඔක්කොම accept කරේ හෙන ආසාවෙන්. එයගෙ ඒකාකාරි සුදු කළු ජීවිතේට ශෙවින්ගෙ මේ හැසිරීම ලස්සන පාටක් එකතු කරා කිව්වොත් හරි.
ඒ වගේම ඔය අතරින් පතරින් එක එක notes ඉල්ලගන්න ඒවා, ගනන් අහගන්න ඒවත් නොතිබ්බම නෙවෙයි.
දේදු කරේ bio උනාට පට්ට physics මොලේ. ශෙවින් maths කරාට physics උට නයාට අඳු කොල වගේ. මූණට මූණ මුනනොගැසුනත් normal calls, video calls වලින් දේදු ශෙවින්ට ගනන් හදන්න කියල දුන්නා.

"ඔයාලගෙ  Day invitation එක ඇවිත් තිබ්බා අපිට. තව දවස් දෙකයි නේ. ආසාවේ බෑ හලෝ"

"ඔයාලව එක්කන් එයි ද"

"දන්නෑ. හැබැයි පැනගන්න ගේමක් දෙන්න බලන්න පුළුවන් වෙයි "

"හ්ම් හ්ම්. යසස් ට කිව්වොත් හැබැයි එක්කන් එයි"

"අයියා, යසස් අයියව දන්නවද..."

"අපි science competitions වල යන්නෙ එකට"

"එහෙනන් මන් ඔයා ගැන කියල එන්න ඕනි කියන්නද..."

"ආ හා. ඌ ඒම case එකක් දාන්නැති වෙයි."

"මරු මරු. ඒ අයියේ..."

...Where stories live. Discover now