"ඇයි ඉතින් එහෙ යන්නේ""ආස නිසා"
"එතකොට මාව එක්කන් යන්නේ"
"මන් ආස දේවල් මගේ ඇස් ආස ඇස් වලටත් පෙන්නන්න ඕනි නිසා"
සුදු ලිලී මල් දෙකකින් පමණක් සමන්විත දුඹුරු කඩදාසියකින් එතුණු හුරුබුහුටි මල් පොකුරත් ඔඩොක්කුවේ තියන් සීට් එකට හේත්තුවෙලා හිස ඇලේට හරවන්, ශෙවින් වාහනේ පදවන දේදු දිහා බලන් ඉඳියෙ දිලිසෙන ඇස් වලින්.
මීට කලින් දේදුගෙ ඇඟ යට නිරුවත් වුණු ගැහැණු දන්නවා නම් ඒ රළු පපුව ඇතුලෙ මෙච්චර ආදරණීය මනුස්සයෙක් ඉන්න විත්තිය, සත්තයි උන් එකාට එකා කෙහෙවලු පටලගයි අයිති කරගන්න.
ශෙවින් ළඟට යන්න කලින් දේදු කිංස්වුඩ් එකෙන් පහල අලුත් පාරට දාල lassana flora එකට ගියේ එයා කලින් දවසේ රෑ ඇනවුම් කරපු සුදු ලිලී මල් දෙක ගන්න. සුදු ලිලී ඉක්මනින් විකිනෙන නිසා කලින්ම ඇනවුම් භාරදෙන්න ඕනි. අම්මාටයි ආත්තම්මටයි පස්සෙ එයා මල් දෙන පලවෙනි කෙනා මේ.
හරිම නැවුම් ආරම්භයක්...දේදුගෙ අතීතය ගැන ශෙවින් දන්නෑ, එයා අහලත් නෑ. ශෙවින් කියන්නේ "Go with the Flow" type එකේ මනුස්සයෙක්. එහෙම අයට අතීතෙ වැඩක් නැ මොකද flow එකක් කවද්ද උඩුගම් බලාගියේ. ඒකයි එයා උනත් දේදුගෙන් අතීතය ගැන ඇහුවෙ නැත්තෙ. ඒත් දේදුට ශෙවින්ට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒකට ලොකුම හේතුව උනේ ශෙවින් වැඩිපුරම ගැවසෙන තැන. ඒ නිසාම එයා දේදුගෙ අතීතය සම්බන්ද වැදගත් දේවල් ටිකක් දැනන් සිටිය යුතුයි. තමන්ගෙ පෞද්ගලික ප්රශ්න නිසා දේදු එයාගෙ මිනූට නරකක් වෙන්න දෙන්න කැමති නෑ.
හැබැයි මේ වෙද්දිත් ඒ ප්රශ්නෙන් පොඩි පොඩි බැට කෑම් වලට ශෙවින් ලක් වෙලයි හිටියෙ.විනාඩි 40 කින් වගේ මාතලේට ආපු දේදුලා කෙලින්ම ගියේ kfc එකට. උදේම බීපු කිරි වීදුරුවෙන් පස්සෙ දේදුගෙ බඩට කිසි දෙයක් වැටිලා නෑ තාම. ශෙවින්ට table එකක් පෙන්නලා දේදු කන්න දෙයක් අරං එන්න ගියා.
"මට burger එකක් විතරක් ඇති හලෝ"
"ඒත් මට මදිනේ"
"සිරාවටම, මෙච්චර fast foods කාලා කෝමද ඒයි ඔච්චර ලස්සනට ඇඟ තියාන් ඉන්නේ"