20th Chapter

4.5K 626 152
                                    


රකිත් විපුල බිනර වත්සල හතරට අඩි දෙක තුනක් පිටිපස්සෙන් දේදුත් ඇවිදන් ගියේ උන් යන දිහාක. ඔය අතරේ වත්සල ඇවිදින වේගෙ බාල කරලා දේදු එක්ක එකතු උනා.

"මන් බලන් උඹ මේ දවස් ටිකෙම ට්‍රැක පැනල වගේ ඉන්නේ. මොකක් හරි අවුලක් ද"

"නෑ බන්"

"එදා රත්නසිංහයාගෙ කේ-"

"ඒක ශේප්."

"ශේප් එක හරි. ඒත් උඹ ටිකක් පරිස්සම් වෙලා ඉදාන්. ඌ හොඳ මිනිහෙක් නෙවෙයි කියල උඹටම තේරෙනව ඇතිනේ"

"හ්ම්"

"මේ බන්..."

"ඕ"

"උඹ මේ පාර competition යන්නෑ කියන්නේ ඇත්තද"

"හ්ම්ම්ම්ම්...."

"ඇයි අර"

"ඒම විශේෂ හේතුවක් නෑ."

"ඒ උනාට අපරාදෙ නැද්ද ඕයි. තව gold medal එකක් නුවරට අරං එන්න තියෙන chance එක"

"බෑ බන්. මට එච්චර ලොකු interest එකක් නෑ."

"එතකොට interest එකක් නැති නිසාමද අතෑරියෙ මේ පාර."

"ම්ම්ම්"

"එහෙනන් වෙන වැඩක් තියෙනව. කැමති වෙනවද"

මොකද්ද කියන්නත් කලින් කැමත්ත අහනවා.
උට නෙවෙයි මුටයි ට්‍රැක්.

"මොකද්ද"

"ඉදාන්"

දේදුව නවත්තගෙන වත්සල චූස් පාර ඇද්දෙ දැනටමත් ටිකක් දුර ගිහින් ඉන්න අර තුන්කට්ටුවට.
උන්ට මුන් එතනින් කැපෙන විත්තිය අඟවලා දෙන්නත් එක්කම school buildings අස්සෙන් ගියේ ඉස්කෝලෙ කෙලවරක තියෙන පිට්ටනියට කිට්ටු ටිකක් දිග තනි කාමරයක් ළඟට. වත්සල ඒකෙ දොරත් ඇරං ඇතුල් යනගමන් දේදුටත් එන්න කියල අතින් සන් කරා.

"සතීෂ අයියා"

"ආ වත්සල, අම්මටහුඩු දේදු..."

Computer එක අස්සෙ එබීගෙන බරටම editing වැඩක් කර කර හිටපු ටිකක් කෙට්ටු උස තලෙලු පාට කොල්ලෙක්, වත්සල කතා කරාම හැරුණත් දේදුව දැකල ටිකක් පුදුමෙන් වගේ කතා කරේ දාගෙන හිටපු කණ්ණාඩි කුට්ටමත් අතින් හදන ගමන්.

"මූ මොකෝ මෙතන"

"මන් එක්කන් ආවෙ අයියේ. අපිට මුගෙනුත් උදව්වක් ගන්න පුලුවන් වෙයි අර වැඩේට."

...Where stories live. Discover now