16.හන්තානෙ.

364 36 16
                                    

"කාවද උබ හොයන්නෙ."

සිතෙව් ඇහුවෙ කුකුලා වී අහුලනව වගේ කලබලෙන් එහෙ මෙහෙ බලන අනුධගෙන්.

"මං ඉතිං කාව හොයන්න ද බං "

අනේ නිකන් පලයන් පිටසක්වලයො යන්න. මං දන්නැද්ද උබෙ හැටි. මං හොයාගන්නම්කො මට ත් නොකියා ලව් කරන පගරනැට්ටි කව්ද කියල.

සිතෙව් අනුධ ගෙ මූණ දිහා බලාගෙන ම ඉදියා. එකපාට්ට අනුධ ගෙ මූණෙ හිනාවක් ඇදුනා. ඇස් දිලිසෙනව.

සිතෙව් එහෙම්මම බැලුවෙ අනුධ ගෙ ඇස්  තිබ්බ දිහා. පත්තු උනා. මේකි නෙ.

සාරා ඇවිත් ලෙක්චර් හෝල් එකේ අනුධ ගෙ එහාපැත්තෙ සීට් එකෙන් වාඩි උනා. කොල්ලා ඩීන් ගෙ මිනිබිරීව අල්ලගත්ත එහෙනම් ඈ. මූ යකෝ. එක්ස්පීරියන්ස් තමා ඉතිං ඔව්ව.

"බල්ලා"

සිතෙව් අනුධ ව චුට්ටක් ලගට ඇදගෙන ඌට විතරක් ඇහෙන විදිහට කනට කල්ලා කිව්ව. අනුධ යා සිතෙව් දිහා කටත්  පැත්තට ඇද කරන් බැලුවෙ ඇයි අහන්න වගේ.

සිතෙව් ඌට මොකුත් කියන්නෙ නැතුව ම කම්මුල්ලට අතකුත් ගහන් මිනිහ මැරිච්ච ගෑනි වාගෙ හෝල් එකේ දොර දිහා බලන් ඉදියෙ බගෙට කොන්ඩෙ සුදු වෙච්ච කණ්ණාඩි දාපු ඩයල් එක්කගෙ මූනත් තහඩුව ඇස් වලට අහු වෙනකල්. කෝ මේ යකා තාම නෑනෙ.

විනාඩි දහයක් විතරක් ඇහි පිල්ලමක් වත් නොගහ ඒසී ලෙක්චර් හෝල් එකේ දොර දිහා බලන් ඉදල ඇස් වල තෙත ගතියත් නැ. වේලිලා ගිහින්.

ඇස් දෙක අත  දිහාට්ට අරන් ආව සිතෙව් යාන්තන් හපන් නැතුව ඉතුරු කරන් ඉදපු ඇගිල්ලක නිය පොත්තෙන් තදට ඉරක් ඇදන් ගියා. හම වේලිලා. ලෙක්චර් එක ඉවර වෙද්දි නම් කොටු ඇදල පොඩි එකෙක් ට ගනන් හදන්න දෙන්න පුළුවන්. නැත්තං ෆිල්ම් එකක් ශූට් කරන කූඹි රැලකට කාන්තාර ලොකේශන් එකකට ගන්න කුලියට දෙන්න බැරිත් නැ.

අත දිගේ ඇදපු ඉරි ටිකක් අකා මකා යන්න ඒක උඩ එහෙට මෙහෙට අත ගා ගත්තු සිතෙව් ආයෙම දොර දිහා බලා ගෙන මේසෙට ඔලුවත් පැත්තට තියාගෙන ඉයර් ෆෝන් එකත් ගහ ගත්තෙ  අරුන් දෙන්නගෙ ලව ඇහෙද්දි සිතෙව්ට නිකං කිචි වගේ හින්දා.

සුදු රෝස [Non fic] (completed)Where stories live. Discover now