සචිත්‍ර අයාන් වනිගසූරිය.
මේ මම මුලින්ම දාලා තියෙන්නෙ සචිත්‍රගෙ පවුල ගැන පොඩි විස්තරයක්.සචිත්‍රගෙ අම්මා ආශා හර්ශ්වර්ධන්ගෙ පවුලෙ අය ගැනත්,තාත්තා දයාල් වනිගසූරියගෙ පවුලෙ අය ගැනත් මේකෙන් පොඩි තේරුමක් ගන්න ඔයාලාට පුළුවන් වෙයි..
හ.....................හ්.ඉතින්,
අපේ කතාවේ hero,ඒ කියන්නෙ "කොල්ලා" තමා සචිත්‍ර.
සචිත්‍රගෙ පවුල ගත්තොත් ජාතීන් දෙකක එකතුවක්.අම්මා ඉන්දියානු කාන්තාවක්,තාත්තා ලංකාවෙ කෙනෙක්.ගොඩක් හොඳ ව්‍යාපාරික පවුලක දෙවනි කොල්ලා විදියට තමයි සචිත්‍ර ඉපදෙන්නෙ.අයියයි නංගියි එක්ක ගෙවපු තමන්ගෙ ජීවිතේ අවුරුදු 18 වෙද්දිම නතර කරලා ලංකාවෙන්,තමන්ගෙ පවුලෙන් ඈතට යන්න සචිත්‍රට සිද්ධ වෙනවා...මේ ගියාම සචිත්‍ර තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදියට ගොඩනඟා ගන්නවා...කැනඩාවෙ තියෙන හොඳම ෆුට්බෝල් ටීම් එකකට සෙල්ලම් කරන්න සචිත්‍රට පුළුවන් වෙනවා..ෆුට්බෝල් සෙල්ලම් කරන්න,බලන්න වගේම සචිත්‍ර තවත් කැමති දෙයක් තමයි නටන එක.තමන් ඉන්දියානුවෙක් වෙන බව හොඳින්ම ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් විදියට සචිත්‍ර ඒක පිළිගත්තා..
සචිත්‍ර කියන්නෙ හැමදේම හොඳ පැත්තට බලන,ජීවිතේ සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක්. කෙනෙක්.ඒත් සමහර වෙලාවට.....
ඒ වගේම කියන්න ඕන සචිත්‍ර වාහනවලට,විශේෂයෙන් ම තමන්ගෙ වාහනවලට ගොඩක් ආදරේ කරන කෙනෙක්."තමන්ට අයිති දේවල්"වලට හීරීමක්වත් වෙනවට සචිත්‍ර කැමති නෑ..ඒ ගැන ඔයාලාට කතාවත් එක්ක හිටියොත් දැන ගන්න පුළුවන්..😌😉
හැමෝම එක්ක ඉක්මණින් යාළු වෙන,කිසිම බේදයක් නැතුව ඕන කෙනෙක් එක්ක ඉන්න කැමති මේ කොල්ලා මෙහෙම කාලයත් එක්ක තමන්ගෙ නම හදාගෙන ඉඳිද්දි මුහුණ දෙන්න වෙන හදිසි කරදරයක් නිසා ආයෙ ලංකාවට එනවා..මේ ලංකාවට ආපු ගමනේදි සචිත්‍රගෙ ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා...බලමු ඒ මොකක්ද? මොන වගේ වෙයිද කියලා..😌
නව්‍යා සුහර්ශි මානවඩු
මේ තියෙන්නෙ අර කලින් සචිත්‍රගෙ පෙන්නුවා වගේම නව්‍යාගෙ පවුල ගැනත් පොඩි විස්තරයක්.නව්‍යාගෙ අම්මා චන්දිමා සහ තාත්තා උදුලගෙ පවුල් ගැන තමා මේකෙ තියෙන්නෙ.
සචිත්‍ර ගැන කිව්වනෙ,දැන් අපේ කතාවෙ "කෙල්ල" තමයි මේ..
සචිත්‍රගෙ වෙලාවකට "baththameez ladki" [පිස්සු කෙල්ල(ගෑනි)] තවත් වෙලාවකට "ලෝයර් මැඩම්" තමයි මේ ඉන්නෙ.
සචිත්‍රකියන්න වගේ,
අපේ නව්‍යා කියන්නෙ lawyer කෙනෙක්.සචිත්‍ර වගේම ලංකාවෙ හොඳයි කියලා ප්‍රසිද්ධ වෙච්ච කම්පැනියක වර්තමාන COOගෙ චූටි දුව තමයි නව්‍යා කියන්නෙ.
හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න,හරි දේ වෙනුවෙන් කතා කරන නව්‍යා හැමවෙලේම බැලුවෙ හරි කෙනාට සාධාරණයක් කරන්න.ඒකයි කම්පැණි එකෙන් එයාට දුන්න අවස්ථාවට බෑ කියලා රජයේ නීතීඥවරියක් විදියට දිගටම වැඩ කරගෙන යන්න තීරණය කරේ..මොන දේ කොහොම උනත් නව්‍යා කියන්නෙ වැඩි සෙනගකට කැමති කෙනෙක් නෙමෙයි.ඒත් තමන් කැමති කට්ටිය තමන්ගෙ වටේ ඉන්නවාට නව්‍යා හරිම කැමතියි..ඒ වගේම නව්‍යා තවත් කරන්න කැමති දෙයක් තමා youtube vlogging.තමන්ගෙ පවුලේ අය ඇරුණාම නව්‍යා වැඩිපුරම ආදරේ කළේ youtubeවලට.
Extrovert කෙනෙක් නොවුණට නව්‍යා මේ වගේ වැඩවලට ලොකු කැමැත්තක් පෙන්නුවා.ඒ වගේම ඒ වැඩ ඔක්කොම පිළිවෙලටම කරන්න නව්‍යාට හැමවෙලේම ඕන වුණා..
නව්‍යාගෙ අක්කා දිව්‍යා තමයි පොඩි කාලේ නව්‍යාගෙ හොඳම යාළුවා විදියට හිටියෙ,ඉතින් අවුරුදු 10කට 12කට කලින් වුණ නව්‍යාගෙ හොඳම යාළුවා දිව්‍යා සම්බන්ධව වුණ සිද්ධියක් නිසා නව්‍යා වෛර බැඳගෙන හිටපු කෙනෙක්,
ඔව් ඔව් සචිත්‍ර තමයි..සචිත්‍ර එක්ක ආයෙ බැඳීමක් ඇති කර ගන්නෙ ඇයි කියලා බලන්න මාත් එක්ක එන්න...🙂❤️-Adhu