ඒක එකපාරටම වුණ දෙයක්. කාටවත් හිතාගන්න බැරිවෙච්ච විදිහට. ජපානෙ කියන්නෙ කොහොමත් භූමිකම්පා සුනාමි අඩු නැති රටක්. ඒත් එයාලා දැන් ඒකට ඔරොත්තු දීලයි ඉන්නෙ. ඒත් එකපාරටම ඒක හුගක් ලොකු එකක් වුණා. කාළගුණ වාර්තා දෙන තැනටවත් ඒක නෝට් වුණෙ නෑ. වලට භූමිකම්පාවක් ආවා අවුරුදු දෙක්කට පස්සෙ. ඒකෙන් හුගක් මිනිස්සු මැරිලා ගියා. එතනින් ඉතුරු වුණේ එකම එක කොල්ලෙක්.
එයා තමයි Nishimura Riki හැමෝම එයාට ආදරේට කිව්වෙ Niki කියලා
එයාට සහෝදරියො දෙන්නෙක් හිටියා. වාසනාවට වගේ දෙන්නම හිටියෙ කොරියාවෙ. ඒකත් හදිස්සියකට ගිය ගමනක්. මොනාවුණත් ඒකෙන් නිකී ගෙ හැමදේම වෙනස් වෙන්න ගත්තා. එයාගෙ සහෝදරියො ඇරෙන්න පවුලෙ ඔක්කොම අය එයාගෙ යාළුවො ඔක්කොම එයාට නැතිවුණා. එයා ඔහේ බලාගෙන හිටියෙ මොනවත් හිතාගන්න බැරුව. එයාට තනිකමක් දැනුණා. එයාගෙ යාළුවො තමා එයාගෙ මුළු ජීවිතේම වුණේ
එයාගෙ අක්කලා දෙන්නා ඒක ඇහිච්ච ගමන් වැඩේ පැත්තකින් තියලා ආපහු ජපානෙට ආවා. එතකොට එයාල නිකී විතරක් හරි ඉතුරු වෙච්ච එක ගැන සතුටු හිතුණට එයාලා ගාව හිටපු අය හිතාගන්න බැරි විදිහට මැරිල ගිහින් තියෙන හැටි දැකල හුගක් දුක් වුණා..
එයාලට ඒ වෙච්ච දේ හින්දා ජීවිතේට ජපානෙ ඉන්නෙ හිතුනෙ නෑ. එයාලා කලින් භූමිකම්පා වලට මූණ දීල තිබ්බත් මෙච්චර දුර දිග යයි කියලා හිතුවෙ නෑ. අන්තිමට එයාලා හිතාගත්තා නිකී වත් ඇරගෙන කොරියාවට යන්න. එයාලට ජපානෙ දාල යන්න ඕන වුණ් නෑ. ඒත් එයාලට ආපු දුකට ගත්ත තීරණේ වෙනස් කරෙත් නෑ.
Harumi - ඔයා ලෑස්තිද නිකී