Yuki - ඔය තුන් දෙනා වැඩ කරල ඉවරද කතා කරන්නෙ
Yuki ඒ තුන් දෙනා දිහා බලලා ඇහුවා. එයාලා ඉතින් දීපු වැඩේවත් දන්නෑ ඔය හිටියට. එච්චරටම දාර්ශනිකයෝ
Niki - මිස් මොකක්ද කරන්න කිව්වෙ
Yuki - Relationship ගැන රචනාවක් ලියන්න කිව්වා.
Sunoo- අනේ මිස් බල්ලා ගැන ලියන්නද? ඕක සංකීර්ණ වැඩියි
Yuki - ඔයාලා මොන්ටිසෝරි බබාලා නෙමෙයි නෙ. ඒක නෙමෙයි ළමයි කියන්න දෙයක් තියෙනවා හැමෝටම. අපි trip එකක් යනවා
ඒක අහල පංතියෙ නිදාගෙන හිටපු අයත් නැගිට්ටා.trip එකක් කිව්වම ඕන කෙනෙක් ආසයි නෙ ඒකෙන් මානසික පීඩනේ දවසකටම අමතක කරලා දාන්න පුළුවන් හින්දම
Jungwon- නියමයි
Sohu - කොහෙද යන්නෙ මිස්?
Wonha - පාන්දර එකට ගෙදර යමු.කලින් ගිහින් මෙලෝ රහක් නෑ
Yoon - නටන්න පුළුවන් නේද?
එහෙම හැම එකාම ප්රශ්න අහන්න ගත්තා .Yuki ලාවට හිනාවුණා කරන්න දෙයක් නැති හින්දම. Trip එක plan කරන්න ගියාම ඒකත් හරිනෙ
Yuki - මම කියන දේ අහගන්නකෝ ඉස්සෙල්ලම.
ඊටපස්සෙ set එක කටපියාගත්තා. Yuki එයා ගෙ කතාව දිගටම කරගෙන ගියා.
Yuki- මේ වැඩේට ඔයාලා කැමති වෙයි කියලා මම හිතෙනවා. ඒ වගේ ම ඒක අවධානම් වැඩක්. Niki මම ඔයාට කියන්නම ඕන ගොන් වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා
ඒ ඇයි කියලා අනික් අය ඔක්කොම දැනගෙන හිටපු හින්දා කට්ටිය බක බක ගාලා හිනාවුණා. හුඟක්ම ඉතින් සෝහු.
Niki - මිස් බයවෙන්න එපා ඒවා එහෙම වෙන්නෑ
Yuki - වෙන්නැති තරමට හොඳයි. දැන් මම මිස් නෙමෙයි මිසිස්
Wonha - හෑ...මිස් බැන්ඳද?
Yoon - සත්ත්වයා බලපන් මිස් ගෙ අත දිහා
Sohu - කලින් කියන්න නෙ තිබ්බෙ මිස්
Niki - අපි ට කියන්නෙත් නැතුව බැඳලා
Jungwon - මිස් අපි නරක ළමයි ද
Sunoo - ඕයි...මිස් නෙමෙයි නෙ ඒවා තීරණේ කරන්නේ එයාගෙ husband