Sohu - ඔයා මාව මග අරිනවද?
Niki - ඔව්
Sohu - ඒ ඇයි?
Niki - මම ආස තනියම ඉන්න
Sohu - තනියම ඉන්න ලේසි වෙන එකක් නෑ
Niki - ඒත් ඒක හුඟක් හොඳයි
Sohu- එහෙම කියන්න එපා
Niki - මට කවුරුත් විශ්වාස නෑ. විශ්වාස කරන්න ඕනත් නෑ
Sohu- ඒ කියන්නෙ ඔයාට මාවත් විශ්වාස නැද්ද?
Niki - ඔයාව හරියට අඳුරගත්තෙත් නෑනෙ.ඒක හින්දා මොකුත් ම කියන්නත් බෑ
Sohu - ඔයා එක්ක බෑ අප්පා
Niki- බැරි නම් යන්නකෝ.
Sohu- හපූ ..තියන ගෑස්
කියලා Sohu එතනින් ගියා. Niki ට ඒ ගැන කියන්න හිතන් හිටියත් Niki හිටපු විදිහට එයාට නෙලන්න හිතුණා
ඒත් එයා ඉවසුවා. එයාට කැමති හින්දා
සෝහුට එහෙම කිව්වෙ වෙන කෙනෙක් නම් එතන වෙනම දෙයක් වෙනවා කියලත් හොඳටම දැනගෙන හිටියා
Sohu - මේ ගස්ගෙම්බා නම්...ආයිෂ් මොනාද සෝහු ඔයා මේ කියවන්නේ. ඔයාගෙ කස් එකට නේද ගස් ගෙම්බා කියන්නෙ
Yoon - මෙන්න වොනියා එක්කෙනෙක් තනියම කියවනවා
Wonha- මෙව්වා ආපහුම ඔව්වා ඔහොම තමයි
Sohu - දැන් මොකක්ද මෙව්වා එක
Wonha - ඉතින් ඔයාමනෙ කිව්වෙ ඔයා එයාට කැමතියි කියලා
Sohu- ඉතින් ඕක කෑගහන්න දෙයක් ද?
සෝහු එහෙම කිව්වෙ Niki ළඟපාත ඉන්නවද කියලා බලලා. එයාගෙ වාසනාවට Niki ළඟ හිටියේ නෑ. හිටියත් Niki ට ඒ ගැන ගාණකුත් නෑ. එයාට වෙන ප්රශ්න ඔළුවෙ තියෙනවනේ
Sohu- මේහ් වොනියා...ඇයි එයාගෙ එච්චර ලොකුකම
Wonha- මම දන්නවද ඒක?
Sohu - ඉස්සර ඔයාගෙ මිනිහගෙත් අලි ඔළුවනේ. ඒකයි මම ඇහුවේ
Wonha- මම බැඳලා නෑ
Sohu - නැති වුණා ට ඒ වගේනේ සුදූ
Wonha- පල පල යන්න. Felix oppa හොඳටම busy මේ දවස්වල
Sohu - ඒත් දෙන්නා ඉන්නෙ නිකන් ගෑනි යි මිනිහයි වගේනෙ.
Wonha- කටවහගන්නවා මම කොහොම හිටියත් උඹට මොකද?