Niki දැඟලුවා නැගිටින්න මේ මොකුත්ම දන්නෙ නැතුව. ඒත් එයාගෙ පස්ස පුටුවට තදට ඇලිලයි තිබ්බෙ
එතකොටම වගේ Niki ට line දාන කෙල්ලත් එතනට ආවා. මොනවා වෙලාද කියලා කාටවත් හිතාගන්න බැරි වුණා
එයාගෙ පුටුවට ගම් දාපු මහ මොළකාරයොන්ට ඇරෙන්න. සෝහුත් මේ මොකුත්ම දන්නෙ නැතුව Niki ගාවට ගියා
Sohu - මොකද වෙලා තියෙන්නේ? ඇයි නැගිටින්න බැරි
Niki - මොකාද මේ පුටුවට ගම් හැලුවේ? මගෙ පස්ස ඒකට ඇලිලා. මට toilet යන්නත් ඕන
Sohu - ගම් හලලා පුටුවට. ඇයි ඔයා වෙන අයගෙ පුටුවල ඉඳගත්තේ
Niki - හදිස්සියටනේ මෝඩියේ ඉඳගත්තේ
Sohu- එහෙමද දැන් නැගිටින්න ම බැරිද
Niki - බෑනේ යකෝ ඒකයි මේ කියන්නෙ
Yoon Wonha ගෙ මූණ දිහා බලලා මොකක්ද මේ වුණේ කියලා අහන්න වගේ
Yoon- උඹ තමා එහෙම කරමු කිව්වේ
Wonha- එහෙම වෙයි කියලා කවුද බන් හිතන්නෙ
Yoon - ඒත් එහෙම වුණානේ
Wonha- දැන් අර ගෑනි මේක කරේ සෝහු වා කියලා හිතුවොත් මොකද කරන්නේ
Yoon - හිතනවා විතරනේ කියන්නෑනෙ
Wonha - කිව්වොත්
Yoon - ඒක කරේ අපි කියලා කියමු.අපිට ඒකි එක්ක ලොකු තරහකුත් තියෙනවනේ.
Wonha- ආයෙත් අහලා
Yoon - වරෙන් දැන්ම කියමු
Wonha-.ඒත් බන් දන් නැද්ද මට බයේ බෑ
Yoon - තොගේ බය යකාට පලයන් කියලා ඉඳපන්. ඒකි කනේ පාරක් ගහයි එච්චරයි වෙන්නේ
Wonha- හාකො එහෙනම්
Yoon Wonha ගෙ අතත් අල්ලගෙන ඉස්සරහ ගියා. එතකොට Niki ට line දාපු Sohu ට පේන්න බැරි කෙල්ල ඒ chance එක ගන්න බැලුවා
Naya - Kim Sohu මම හිතුවෙ නෑ තමුන් මෙච්චර ජරා වැඩක් කරයි කියලා
ඒත් දාගන්න ගියපු වලිය ලස්සනට බකස් වුණා.
Wonha- ඒක කරේ අපි.. Sohu මොකුත්ම දන්නෑ
Naya -.මොකක් මගෙ පුටුවට superglue දාන්න තරම් මම තමුන්ට කරපු වැරැද්ද මොකක්ද Wonha?
Wonha ට කියන්න හුඟක් දේවල් තිබ්බ හින්දා එයා Naya ට සැර කම්මුල් පාරක් දුන්නා
ඒ වෙලාවෙ ම වගේ Niki හෙන ගේමක් දීලා නැගිට්ටා. ඒත් කලිසමෙන් බාගයක් පුටුවෙ. හොඳ වෙලාවට එයා ට පිටිපස්සෙ හිටපු කෙල්ලො ටික පොත් දිහා බලාගෙන හිටියා. නැත්තම් එතන නැති මඟුලක් වෙනවා
Wonha- තමුසෙ මගෙන් Felix Oppa ව ඈත් කරන්න කරපුවම මදිද?
Naya - එයා ගැළපෙන්නෙ මට උඹට නෙවෙයි
Wonha- උඹ Jungkook ව බඳින්න නේද හිටියේ මෙතන
Naya - ඔක්කොම කොල්ලෝ මගේ
Niki - වටේ යනවා කියලා ඔහොමත් යනවද ඇත්තමයි. බලහන් උඹේ වැඩ හින්දා මගේ පස්සට වෙච්ච දේ.දැන් මට කලිසමක් ඇරන් දීපන්
Niki හොඳටම තරහ ගිහින් කිව්වේ වෙච්ච දේ තේරිලා. ඇත්තටම එයා බලාපොරොත්තු වුණාට වැඩිය හුඟක් දේවල් පළවෙනි දවසෙ වුණා
සමහර ඒවා වෙන්න ඕන් නැති දේවල්. Jungwon Sunoo දිහා මොනවද බන් අපි කරන්න ඕන වගේ බැලුවා.
Naya- ඇයි මම මොකද ඔයාට කලිසමක් ඇරන් දෙන්න ඕන
Niki - ගෑනියේ මගෙ යට කලිසම ලෝකෙටම පෙන්නගෙන මම බස් එක්ක යන්නෙ කොහොමද
Sohu - මම එකක් දෙන්නම් Niki .ඇත්තටම මගේ පිස්සු යාළුවො කරපු වැඩ වලට නම් sorry.
Niki - Thanks ඔයා නෙමෙයි නෙ ඒක කරේ. ඒක හින්දා බොරුවට සමාව ඉල්ලන්න එපා. කොහොමත් වටේ යන අයට එහෙම කරාට මට එයාලට බනින්නත් බෑ
Niki ගාණක් නැතුව කියලා දැම්මා. Yoon ටයි Wonha ටයි වෙන්න ඕන දේ කොහොමහරි වෙච්ච හින්දා සතුටු වුණා
.Naya එතනම චාටර් වෙච්ච හින්දා set එකෙන් ම පස්සෙ වාඩුව ගන්න හිතාගත්තා.
Sohu Niki ට pt kit එකේ bottom එක දුන්නා. එයා ඒක ඇඳගෙන ගෙදර ගියා පළවෙනි දවසම ටසිරි වුණා නේද කියලා හිත හිත. කලිසමට වෙච්ච දේ ඇරෙන්න අනික් දේවල් එයාට පට්ට ආතල්
Harumi - කොහොමද ඉස්කෝලෙ කොල්ලො?
Niki - නියමයි
Shiori - ඔයා ඒකට කැමැති යිද?
Niki - ඔව්. ඒත් පරණ ඉස්කෝලෙ ගතිය ඒකෙන් එන්නෑ
Harumi- ගතිය නෙමෙයි ඔක්කොම දාලා පාඩම් කරන්න
Niki - ඕකනෙ බැරි විභාගෙට මාසයක් තියෙනවා. මෙතන ඉඳගෙන පාඩම් කරන්න කියලා මතුරනවා
To be continued...