එයාලා එහෙම කතා වෙවී හිටියා. Niki ට මොනා කරන්න ද කියලා හිතාගන්න බැරිවුණා. Harumi ගෙන් මේ සම්බන්ධයෙන් මොකද කරන්න ඕන කියලා අහන්න එයාට ඕන කමක් තිබ්බෙත් නෑ
එතකොට අරහෙම වුණා මෙහෙම වුණා බ්ලා බ්ලා ඔක්කොම පැටිකිරියම කියන්න ගියාම Harumi Niki ගෙ ඇත්ත චරිතෙ ගැන දැනගන්න හින්දා
එයා Harumi ට කොරියාවට එද්දිම පොරොන්දු වුණා වලි දාගන්නෑ කියලා.. ආයේ ඕනවට වැඩිය කන්නෑ කියලා...ආයේ හොඳටම ඉගෙනගන්නවා කියලත් එයා Harumi ට පොරොන්දු වුණා
ඒත් අන්තිමට වුණේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි වගේ වැඩක්. ඒ වෙච්ච පොරොන්දු වලින් Niki කරේ හොඳට පාඩම් කරන එක විතරයි. නැත්තම් හැමදාම එක්කො Niki Wooyoung හරි San ව හරි අවුස්සනවා නැත්තම් උන් දෙන්නා Niki ව අවුස්සනවා
ඔක්කොටම වැඩිය Harumi Niki ගෙ parents ලා නැති වුණා ට පස්සෙ එයාව බලාගත්තෙ ඒ දෙන්නගෙ අඩුව නොදැනෙන්න. ඒක හින්දා එයා මේ දේවල් ගැන ඕනවට වැඩිය හිතනවා කියලත් එයා දැනගෙන හිටියා
අන්තිමට ඇත්තටම එයාට ඒ වගේ දේවල් හංගන එක හෙන ආතල් වැඩක් වුණා. එයාගෙ ඔනේසන් තාම single life එකක් ගත කරන එකත් එයාට ඇල්ලුවෙ නෑ.
Sohu ට කැමැත්ත දුන්නට එයා දස අතේ කල්පනා කරා relationship එකක් තියාගන්න වද නැද්ද කියලා. එයාට seriously love කරන්න පුළුවන් ද කියන එකත් දැවෙන ප්‍රශ්න යක් වුණා.
අන්තිමට පොර ගියේ වැඩේ ගැන උපදෙස් අහන්න ඕනම නැති කෙනෙක් ගාවට
Niki - ඕයි Felix
Felix- මොකද සීන් එක මචන්...
Niki- හෙන අවුල් ඕයි මට
Felix- මොකක්ද?
Niki - Sohu මට කැමතියි
Felix- ඉතින් උඹ එයාට කැමති නෑ ? එහෙමනේ...
Niki- නෑ නෑ මට එහෙම අකමැත්තකුත් නෑ කැමැත්තකුත් නෑ
Felix- මොකක්ද ඕයි ඒ හරුපේ
Niki - මම අන්තිමට එයාට හා කිව්වා
Felix- එහෙනම් පුතෝ ඕක දිගටම කරගෙන පලයන්. ඔය සෝහුවා එක්ක ලේසි නෑ
Niki- ඇයි මොකද අවුල?
Felix- අවුලක් නෑ. එයා ළඟ ඉන්න අය ලේසියකට ඈත් වෙනවට කැමති නෑ එච්චර තමයි..