Niki - එහෙමද? එයා මල වාතයක් වෙන්න ඇති
Sunghoon - වාතයක් කියන්නේ බන් වාතවල ත් වාත
Niki- දුක තේරෙනවා. එහෙම තමා කරේ එල්ලෙන්න ආවම
Sunghoon- උඹට කිසිම ගාණක් නැද්ද
Niki - පිස්සුද? මම පිනාගෙන් කනේ පාරක් කන්න ඉන්නේ
Sunghoon- උඹ මාර යකෙක්නේ
Niki - ටිකක් චණ්ඩි පාට් එකේ ඉඳලා පොරක් වෙන්න ඕන. නැත්තම් කිසිම වැඩක් නෑ
Sunghoon- ඔහොම ගියොත් උඹ පස්සෙන් කෙල්ලො එන්න ගයි බලාගෙන
Niki - එහෙම වුණා ම එන්නෑ. කෙල්ලො කැමති හොඳ අයට
Sunghoon- ඒ කියන්නෙ දැනටමත් ආවා
Niki - ඒ ව ගැන මම දන්නෑ.හිතේ ඇති මම ඕවට අහුවෙයි කියලා
Sunghoon- උඹ කිව්වට දවසක අහුවෙයි
Niki - උඹ අර සෝහු කියන කෙල්ලව දන්නවද?
Sunghoon- ඔව් අර පොඩි කෙල්ලනේ
Niki - පොඩි? රෙද්ද තමයි. ආපු වෙලාවෙ ඉඳලා හැව් හැව් ගාලා කටර් එකක් වගේ කියවනවා
Sunghoon- ඒ එයාගෙ හැටිනේ
Niki - හැටිද? මම ඒවට ආස නෑ. මොන මල වදයක් ද? එයාගෙන් බේරෙන්න කියලා අර දෙන්නත් එක්ක කන්න ගියා. අර ගෝතයෝ කන්න දුන්නෙත් නෑ
Sunghoon- calm dowmn මචන්. උඹ කලින් හිටියේ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙ කද?
Niki - ඔව්.
Sunghoon- ඒකයි ඔය
Niki - හරි උඹේ සීන් එක කියපන්කො
Sunghoon- දණිස්සවල් දෙක රිදෙන්නැද්ද? මට කක්කත් බරයි
Niki- මට මේවා සම්බන්ධයෙන් අවුරුදු 14 ක පළපුරුද්දක් තියෙනවා
Sunghoon- එහෙමද මගෙ නම් first time
Niki -දැන් උඹ කෙල්ලෙක්ට බූට තිබ්බයි කියලා මෙතනට ආවෙ ඇයි?
Sunghoon- මෙහෙමයි. ඔය විනය බාර කාරයගෙ දුව මගෙ පස්සෙන් ඇවිත් පුදුම වදයක් දුන්නේ. ඉතින් ඒක හින්දම මම එයාට break up වෙමු කිව්වා. ඉතින් ඒකට මේකි එයාගෙ අප්පා ගාවට අඬාගෙන ගිහින් මම එයාට අතවර කරන්න හැදුවා කියලද? මොන කෝලමක් ද බන් ඒක
Niki- උඹ පව්. අපි එහෙනම්...
Niki වෙනම plan එකක් ගහන්න යද්දිම එතනට පිනා ආවා. එතකොට තමා එයාට තේරුණෙ ආරගොල්ලො පොඩි පිනා කියපු කෙනා ඇත්තටම ලොකු පිනා කියලා
Jay - දෙන්නම නැගිටලා යනවා. මම කෙල්ලො සම්බන්ධ ප්‍රශ්න විසඳන්නෑ
Niki-මට කෙල්ලො ප්‍රශ්න නෑ සර්. මේ සුදු හූනට යන්න දෙන්න
Jay - කවුද යකෝ සුදු හූනා?
Niki - මේ ඉන්නෙ සර් දණගහගෙන
Sunghoon- යකෝ...මම හූනෙක් නෙවෙයි. මම Park Sunghoon
Niki - හරි මචන් විහිළුවක් කරේ
Jay Niki දිහා side eye එකක් දාගෙන බලන් හිටියා. එයා අද උදේ ඉස්කෝලෙ ට ගත්ත ළමයා වගේ ළමයෙක් දැන් මෙතන ඉන්නවද කියලා
Jay - පොඩ්ඩක් ඉන්න...ඔයා නේද උදේ ..
Niki - ඔව් සර් මම අද තමා ආවේ
Jay - නියමයි ඔහොම දිගටම යමුකෝ. වෙච්ච දේ කියනවා බලන්න.
Niki - 🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱
Jay - Oh.. එහෙමත් එකක්ද? මම උන් දෙන්නා ගැන බලාගන්නම්. පළවෙනි දවස හින්දා සමාව දෙන්නම්.දැන් දෙන්නම යනවලා
අර අමාරුවෙන් නැගිටලා දෙන්නත් එතන විනාඩියක් වත් ඉන්නෙ නැතුව. Niki දුවගෙන ගිහින් පන්තියේ වාඩි වුණේ
Wonha Yoon එක්ක එකතු වෙලා ගම් හලපු පුටුවෙමයි. ඒකත් නිකන් නෙවෙයි super glue.
Sohu ඒ මොකුත්ම දන්නෙත් නෑ ඔය හිටියට. එයා Niki එනවා දැකලා එයාට හිනාවුණා ට Niki පැත්තවත් බැලුවෙ නෑ
Sohu - අරයා ආවා
Wonha - කොරයද
Sohu - Niki අනේ . එයාගෙ ගෑස් බලන්නකෝ
Yoon - කොල්ලො එහෙම තමා ...මොකක්ද කිව්වෙ? Niki කොහෙද ඉන්නෙ
Sohu - අර Naya කියන කෙල්ලගෙ පුටුවෙ
Yoon Wonha දිහා බැලුවා. දෙන්නටම කරපු වැඩේ ටසිරි වීගෙන යනවා කියලා තේරුණා
Niki ට චූ බරක් ඇවිල්ලා නැගිටින්න ඕන වෙද්දි එයා පුටුවට ඇලිලා වගේ තේරුණා