Niki Harumi දිහා බලාගෙන හිටියේ හොඳටම අසරණ වෙලා. ඒත් එයාට කරන්න දෙයක් තිබ්බෙත් නෑ. අන්තිමට වෙච්ච හැමදේම කිව්වා. කවදහරි ඔක්කොම ඇත්ත Harumi දැනගන්න හින්දම

Harumi - ඉතින් ඇයි ඔයා මට මේ ගැන වචනයක් වත් කිව්වෙ නැත්තේ?

Niki - ඒවා එච්චර දේවල් නෙමෙයි නෙ

Harumi- එච්චර දේවල් නෙමෙයි? මරු පොඩි එකා. වලිත් දාගෙන බබා වෙන්න එනවා

Niki - ඔනේසන් මම කොහොමත් බබානෙ

Harumi- බාලයා වුණ පලියට බබා වෙන්නෑ. ඔයාට මොකක්හරි කරදරයක් වුණා නම්.  ඒ ඔක්කොටම ත් වැඩිය ඔයා ඕන් නැති දෙයක් කරලා තියනවා

Niki- හරි හරි ආයෙ මම ලව් කරන්නෑ

Harumi-  දැන් මම එපා කිව්වද? ඔය වයසට ඒ දේවල් තියෙන්න ඕන

Niki එයාගෙ ඔනේසන් එහෙම දෙයක්  කියයි කියලා බලාපොරොත්තු වුණේ නෑ Harumi හැමතිස්සෙම පාඩම් කරන දේවල් ගැනම අහපු හින්දා

Harumi- අමුතු විදිහට බලන්න ඕන් නෑ. ඔයාට Sohu ට කැමති නැත්තම් ඒක මුලින්ම කියන්න තිබ්බනෙ

Niki- කැමති නැත්තෙම නෑ. ඒත් මට තේරෙන්නෑ ඒවා කරන්න

Harumi- ඒක තමයි ඔතන තියෙන දේ. මෙලෝ මොළයක් නැතුව ඒවා කරන්න ගත්තම ඔක්කොම අනාගන්නවා

Niki - මම එහෙම කරේ නෑනෙ

Harumi- ඔයාගෙ වයස ඕනම කෙනෙක් ඔහොම තමයි. ඕවා ඇදගෙන යන්න මාර ඉවසීමක් තියෙන්න ඕන. ඔයාට හොස්ස ළඟින් මැස්සා යන්න බෑනෙ.ආයෙ මොනාද

Harumi  හුඟක් serious ඇරන් දෙයක් කියන හින්දා Shiori ත් කතා පෙට්ටිය අහගෙන හිටියා. එයාට පුදුම හිතුණේ Niki බබා වගේ හිටියට බබාමත් නෙමෙයි කියලා තේරුම් ගන්න ගමන්

Niki - දැන් මම මොකද කරන්න ඕන

Harumi- දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඔයාගෙ පාඩුවේ ඉන්න. එයාටත් පාඩුවේ ඉන්න දීලා

Niki - ඔනේසන් එයා මල ඇණයක්

Harumi- මම හම්බුණ දවසක හොයාගන්නම් කෝ

Niki ටත් තේරුණා Harumi හරි කියලා. එයා ට ඒක ලොකු නිදහසකුත් වුණා. අන්තිමට එයා ඔක්කොටම හරියන්න පාඩම් කරන්න ගත්තා

Unexpected Change || NikiWhere stories live. Discover now