Jungwon - ඔයා ලෑස්තියි කිව්වට ඔයාව දොට්ට දැම්මොත්

Niki - වෙන එක්කට යනවා

Sunoo - මොන ඉස්කෝලෙට ගියත් ඔහොම අය ඉන්නවා

Niki - මම දන්නවා. මම එහෙ ඉද්දි පිනා ගෙ office එකේමනෙ හිටියෙ

Sohu - ඒ මොකටද?

Niki - මමයි මගෙ යාළුවො set එකයි තාප්පෙන් පැනලා අලුතින්ම release වෙච්ච film එකක් බලන්න ගියා

Sunoo - සිරාවටම

Jungwon - මම ජීවිතේට period cut කරලවත් නෑනෙ. ඒකට මූ

Sohu - Niki අහිංසකයා වගේ හිටියට ලේසි නෑ වගේ

Niki - Soha ඔයා පන්තියට යන්නකො

Sohu - මම සෝහා නෙමෙයි සෝහු. ඇයි ඔයා මට යන්න කියන්නෙ?

Niki - නැත්තම් කට්ටිය හිතයි මම වලිදාගත්තෙ කෙල්ලෙක් හින්දා කියලා

Sohu - එහෙම හිතන්න තරම් කවුරුවත් මෙහෙ නෑ

Niki - ඒත් පිනා හිතයි. පිනා නාකියිද තරුණයිද?

Jungwon - පිනාලා දෙන්නෙක් ඉන්නවා ලොකු පිනා කවුද පොඩි පිනා කවුද අපි දන්නෑ

Sunoo - ලොකු පිනා හරබොජි ද දන්නෑ. පොඩි පිනා නම් Miss Yuki එක්ක ලව්

Niki - උඹලා ඉස්කෝලෙ පිනාවත් දන්නැද්ද?

Sunoo - මේකනෙ මචන් අපි ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො. අනික ප්‍රධාන රැස්වීමක් වත් නෑනෙ

Niki- මරු ඉස්කෝල

Sohu - ඇයි ඔයා ගියපු එක වෙනස්ද?

Niki - ඔව්

Jungwon- අපි මිස් Yuki ට වැඩේ කියමු

Sohu - ඒත් එයාට කිව්වයි කියලා ඕක shape වෙයිද?

Sunoo- අනේ මන්දා ඉතින් ඒත් ඕන් ඔහෙ බලමු

Niki - මට නම් මොකක්ද වගේ

Jungwon - ඔයා දන්නෙ නැද්ද පොඩි පිනාගෙ girlfriend    මිස් Yuki කියලා

Sohu - අම්මටසිරි එහෙමද?

Jungwon - ඔව් අනේ.ඒ දෙන්නා හොරෙන් ලව් කරනවා මන් ඇස් පනාපිටම දැක්කා

Jungwon එහෙම කියද්දි සෝහු ඒක දැක්කෙ නැති එක ගැන ටිකක් අප්සෙට් ගැහුවා ඒත් ඒකෙන් ව දණගස්සන එක නවත්තන්න පුළුවන් වෙන්න ඉඩ තියෙන හින්දා.මොනා වුණත් එයාගෙ අලුත් යාළුවා ඉස්කෝලෙට ආපු පළවෙනිම දවසෙ නෝණ්ඩි වෙන්න දෙන්නත් බෑනෙ. ඒක හින්දා සෙට් එකම වත් ඇදගෙන ගිහින් මිස් Yuki  ට වෙච්ච හැමදෙයක් ම දිගෑරියා.

Unexpected Change || NikiWhere stories live. Discover now