🎭Chp.02 彡 Besties to Lovers

65 10 0
                                    

================================
🎭Agalmatophilia : Chapter 02🎭
🍁
Can you be my Sky?
================================

Author POV
Flashback

"හනෙල්..ඔයා කැමතිද මාත් එක්ක ජීවත් වෙන්න...හැමදාටම..."

හනෙල්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා..එයා අවුරුදු ගානක් අහන්න හිටපු වචන ටික ඇහෙද්දී එයාට හිතාගන්න බැරිවුනා..

"හොබී..."

හනෙල් එයාගේ ඇස්වල කදුලු පුරවගනිද්දී හෝසෝක් එයාව තදින් බදාගත්තා...

හෝසෝක් හනෙල් දෙන්නම එකම ළමා නිවාසේ එකම වයසේ දෙන්නෙක්...ඒ වෙනකොට දෙන්නගෙම වයස අවුරුදු 18යි...පුංචිම කාලේ ඉදන් හැමදේටම හෝසෝක්ට හනෙල් හිටියා වගේම හනෙල්ට හොසෝක් හිටියා...

අවුරුදු 18කට ජිවිතේ ගැන මොන බරපතලක් තේරෙනවද කියලා ඕනි කෙනෙක්ට කියන්න පුලුවන්...ඒත් හනෙල්ට හෝසෝක්ට එහෙම නෙවේ...ඒ දෙන්නා තමන් ගෙවන ජීවිතේ ගැන ඕනවටත් වඩා දැනුවත්...අනාගතේ කරන්න ඕනි මොනවද කියන දේ ගැන දැනුවත්....

"Haneul...හනෙල් කියන්නේ අහසට...ඉතින් මං ආසයි ඒ ලස්සන අහසේ අයිතිකාරයා වෙන්න, මං දැකපු ලස්සනම හදවත තියන කෙල්ලගේ ආදරේ ලබන්න..හැමදාටම..."

හෝසෝක් එහෙම කියද්දී හනෙල් හෝසෝක්ව තද කරලා බදාගත්තේ ඔහුගේ පපුව මුහුණ තද කරගන්න ගමන්...

"මගේ බෙස්ටි...ඇයි මේ අඩන්නේ...??ම්ම්ම්..."

හෝසෝක් තමන්ගේ තුරුල් වෙලා හිටපු හනෙල්ව ඈත් කරලා දෝතින්ම ඒ මුහුන අල්ලගත්තා...රතු වුනු කම්මුල්වලින් බේරෙන කදුලු මහපටඇගිල්ලෙන් පිහදාන ගමන් හෝසෝක් එයාගේ ලස්සනම හිනාව හනෙල්ට දුන්නා...

හැමදාම වගේ හනෙල්ගේ හිත නිවන හනෙල් ආසම එයාගේ බෝයි බෙස්ටිගේ හිනාව...උඩු තොල උඩ චූටිම චූටි ලපයකුත් තියනවා...හනෙල් හරිම ආසයි ඒ හිනාවට...

"මං මගේ ගර්ල් බෙස්ටිගෙන් ඇහුවේ මගේ බෙස්ටි Post එකෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් Post එක ගන්න කැමතිද කියලනේ..."

"හොබී.."

හනෙල් හිනාවෙන ගමන් හෝසෝක්ගේ පපුවට පාරක් ගහලා හිනාවුනා..

"ම්ම්ම්...ඔයා කැමති නේද..."

බලාපොරොත්තු ගොන්නක් පිරිච්ච ඇස්වලින් හෝසෝක් අහද්දී හනෙල් හරිම ආසාවෙන් හෝසෝක් දිහා බලන් හිටියා...මේ වෙන්නේ හනෙල් අවුරුදු ගානක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්...

ඉතින් හනෙල් බෑ කියන්නේ කොහොමද..?

"කැමති...මං කැමති....හැමදාටම ඔයාගේ වෙන්න..."

AGALMATOPHILIA [S1]🎭✔️Where stories live. Discover now