🎭Chp.28 彡 Last Witness

43 10 1
                                    

================================
🎭Agalmatophilia : Chapter 28🎭
🍁
Jimin & Hana
================================

Author POV
Jimin's View

"ජිමින්...කෝල් එකක්..."

හනා ජිමින්ගේ ෆෝන් එක අරන් එද්දී ජිමින් හනා දිහා බැලුවා...

"කවුද?"

"මං දන්නේ කොහොමද අනේ.."

ජිමින්ට පොඩි රැවිල්ලක් දාලා හනා ෆෝන් එක ජිමින්ට දීලා එයා කර කර හිටපු වැඩේ ඉවර කරන්න එයාගේ ටේබල් එකට ගියා...

"Hello!! Park Jimin speaking"

"චීෆ් Park Jimin...මං ඩේගු පොලිස් ස්ටේෂන් එකෙන්...ඩේගුවල xxxx-xxx-xx ඇඩ්‍රස් එක තියෙන නිවස ගැන සැකයි...ඔයාලාට එන්න පුලුවන් නම්..."

"හරි...හරි...ඉන්ස්පෙක්ටර් අපි එන්නම්..."

ජිමින් කෝල් එක කට් කරලා හනා පැත්තට හැරුණා..

"අපි දැන්මම යන්න ඕනි...ඩේගුවලට..."

හනා, ජිමින් දෙන්නම තමන්ට අවශ්‍ය දේවල් සූදානම් කරගෙන කෙලින්ම පිටත් වුනේ ඩේගුවලට...

==================================
After 2 hours

පැය දෙකක ගමනකින් පස්සේ ජිමින්, හනා දෙන්නම ඩේගුවල පොලිස් ස්ථානයකට ආවා...

"චීෆ්...අපේ මුර සංචාරයේ යෙදුනු ඔෆිසර් කෙනෙක්ට එක ගෙදරකින් කෑගැහීමක් ඇහිලා තියෙනවා...ඒ ගැන සැකයක් තියෙනවා ..."

ඉන්ස්පෙක්ටර් එහෙම කියද්දී ජිමින් ඔලුව වැනුවා...

"අපිට ඒ ඔෆිසර් හම්බවෙන්න පුලුවන්ද ඉන්ස්පෙක්ටර්.."

"පුලුවන් චීෆ්...අපි එයාව ගෙන්න ගන්නම්..."

ඉන්ස්පෙක්ටර් එයාගේ ලෑන්ඩ් ලයින් එකෙන් එදා මුර සංචාරයේ හිටපු පොලිස් ඔෆිසර් වැඩ කරන පොලිස් ස්ටේශන් එකට කෝල් කරලා මෙහෙට ගෙන්ව ගන්න කටයුතු කලා...

"තව විනාඩි 15කින් මෙතනට එයි චීෆ්...පොඩ්ඩක් ඉන්න..."

ජිමින් ඔලුව වනලා හනා ගාවට ගිහින් එයා ඉදගෙන හිටපු තැනට පුටුවක් අරන් ගිහින් වාඩි උනා...

"මෙතනින්වත් හෝඩුවාවක් හොයාගන්න පුලුවන් වෙයිද..."

හනා එහෙම අහද්දී ජිමින් හනා දිහා බැලුවා...

AGALMATOPHILIA [S1]🎭✔️Where stories live. Discover now