🎭Chp.12 彡 90% OR 10%

42 10 8
                                    

================================
🎭Agalmatophilia : Chapter 12🎭
🍁
99,392 Square Kilometers
================================

Author POV
@Jimin's View

"Good morning Guys"

"Good morning Chief.."

උදේ පාන්දරම ජිමින් එයාගේ ටීම් එක මැදින් එන ගමන් greet කරද්දී ටීම් මෙම්බර්ස්ලා ටිකත් සීරුවෙන් හිටගෙන ජිමින්ට එක හඩින් greet කලා...

"හරි...හැමෝම දන්නවා අද මොකද්ද අපි කරන්න යන්නේ කියලා..එහෙම නේද?"

"දේ චීෆ්.."

"හැමෝම මතක තියාගන්න...අපි මේ කරන්නේ ලොකු මිෂන් එකක්...අපේ රටේ හැම ගැහැණු කෙනෙක්ගෙම ආරක්ෂාව අපි තහවුරු කරනවා කියන මතය පෙන්නන්න තියෙන අවස්ථාවක්..."

ජිමින් එහෙම කියද්දී එයාගේ සෙකට්‍රි විදිහට මිෂන් එකේ වැඩ කරන ගර්ල් චෝයි හනා රටේ මැප් එකක් හා හනෙල්ගේ ෆොටෝ එකක් ගෙනෙල්ලා දුන්නා...

"පොලීසිය මේ කේස් එක අත් හැරලා තියෙන්නේ...ඒ ගොල්ලන්නට සාක්ෂි මදි මේක ඉස්සරහට අරන් යන්න...මමත් සිද්ධිය වෙච්ච තැනට ගිහින් බැලුවා...එහෙම සාක්ෂි කියලා හොයන්න දෙයක් නැ...මාසයක්ම ගත වෙලා නිසා...ඒ හින්දා අපිට මුලු රටම පීරලා කෙල්ල හොයාගන්නයි වෙන්නේ...මේ ඉන්නේ ඒ ගර්ල් කිම් හනෙල්..."

ජිමින් ෆොටෝ එකක් උස්සලා පෙන්නුවා...

"ඔයාලගේ මොබයිල්ස්වලට මේ ෆොටෝ එක වට්ස් ඇප්වලින් සෙන්ඩ් කරලා තියෙන්නේ..."

ජිමින් එහෙම කියන ගමන් මැප් එක අතට ගත්තා...

"ඊළග කාරණේ...අපි මේක පටන් ගන්නේ ප්‍රධාන නගර ටික ඉලක්ක කරගෙන...ඒ කියන්නේ සෝල්, බුසාන්, ඩේගු, ඉල්සාන්, ග්වන්ජු, ඉන්චොන් සහ තායිජෝන්..."

"ඒත් චීෆ්...පොලීසිය කිව්වනේ කිම් හනෙල් සෝල්වල නැහැ කියලා..."

එක ටීම් මෙම්බර් කෙනෙක් ජිමින්ගෙන් ඇහුවා...

"ඒත් අපිට සෝල් අත හැරලා වැඩ කරන්න බැහැ...හැම ප්‍රදේශයකින්ම එන මිනිස්සු ඔක්කොම මධ්‍යගත වෙන්නේ සෝල්වලට...ඒ නිසා අපිට අපේ රටේ ලොකුම නගරේ ලේසියෙන් අත අරින්න බැහැ..."

AGALMATOPHILIA [S1]🎭✔️Where stories live. Discover now