================================
🎭Agalmatophilia : Chapter 10🎭
🍁
I will Find you💜 or I will Kill him💔
================================
Author POV"ඔෆිසර්..."
හොබී, නම්ජුන්, ජින් තුන්දෙනාම පොලිස් ස්ටේශන් එකට ගියේ එයාලට කැදවීමක් ලැබිලා තිබුනු නිසා...
"ඕහ්...අන්‍යොන්ග්හසෙයෝ හෝසෝක්ශි..."
ඔෆිසර් ජූන්ටත් ජින්ටත් සුබ පතලා මේසේ ඉස්සරහ තිබුනු පුටුවලින් ඉදගන්න කිව්වා...
"ඔෆිසර් අපිට එන්න කියලා තිබුනේ...?"
"හෝසෝක්ශි...අපිට තාම ඔයාගේ යෝජාචිංගුව හොයාගන්න බැරි වුනා...එයා නැතිවෙලා අදට මාසයක්...දැන් මේ සතිය ඉවර වෙන්නත් කිට්ටුයි..."
"දේ ඔෆිසර්..."
හෝසෝක් එහෙම කියද්දී ඔෆිසර් හෝසෝක්ගේ උරහිසට අතක් තිබ්බා...
"ඉතින් අපි තීරණය කලා මේක NIS එකට භාර දෙන්න...පොලීසියට වඩා වැඩියෙන් දෙයක් මේකට NIS එකට කරන්න පුලුවන්..."
හෝසෝක් පුදුමෙන් වගේ ඔෆිසර් දිහා බැලුවා...
"එතකොට ඔෆිසර් කියන්නේ හනෙල්ෂිව හොයාගන්න එක Police level එකෙන් කරන්න අමාරුයි කියලද..."
නම්ජුන් එහෙම අහද්දී ඔෆිසර් ඔලුව වැනුවා...
"දේ නම්ජුන්ශි...අපිට මෙතන තියෙන බරපතලකම කොච්චරද කියලා හිතන්න අමාරුයි...මේ වගේ කේස් එකකදි මේ තරම් ලොකු කාලයක් යන්නේ නෑ නැති වෙච්ච කෙනා හොයන්න...ඉතින්...අපි හිතනවා ලොකු අවධානමක හනෙල්ෂි ඉන්නවා කියලා..."
හෝසෝක් බිම බලාගෙන හිටියේ කියන්න තරම් දෙයක් එයාගේ හිතට ආපු නැති නිසා...
"දේ ඔෆිසර්...අපිත් මේ කියන්න ගියේ හනෙල්ව සෝල්වලින් පිට හොයන්න කියලා..."
ජින් එහෙම කියද්දී ඔෆිසර් අනුමත කලා...
"අපි සේරම ඩීටෙල්ස් NIS එකට දීලා තියෙන්නේ...ම්ම්ම්ම්...NIS එකේ මේ කේස් එක භාරගත්ත Officer ඔයාලව හම්බවෙන්න වුවමනා කරලා තියෙනවා...ඔෆිසර් කිව්වේ හෝසෝක්ශි හනෙල්ශි ඉන්න ගෙදර හම්බුනා නම් හොදයි කියලා...පරික්ෂණ වගයක් කරලා ඔයාලගෙන් තොරතුරු වගයක් ගන්න තියෙන නිසා..."
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanficAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...