🎭Chp.11 彡 NIS

55 11 12
                                    

================================
🎭Agalmatophilia : Chapter 11🎭
🍁
It's Time to INVESTIGATE
================================


Author POV

"Annyeonghaseyo හෝසෝක්ශි...මං පාර්ක් ජීමින්..."

"Annyeonghaseyo ජිමින්ශි...මේ මගේ යාලුවෝ දෙන්නා...කිම් සොක්ජින්..කිම් නම්ජුන්..."

හෝසෝක් තමන්ගේ යාලුවෝ දෙන්නව හදුන්වා දෙන ගමන් NIS නිලධාරී Park Jimin උනුසුම්ව පිලිගත්තා...

(A/n : මෙතනදි ජිමින් අනික් අයට වඩා බාලයි කියලා හිතන්න එපා...වැඩිමල් කියලා හිතන්න හොදේ...කොල්ලෝ තුන්දෙනාට 20යි ජිමින් 26ක් 27ක් විතර වගේ...)

"හෝසෝක්...ඔයාලට පොලිසියෙන් කියන්න ඇති...මං තමා කිම් හනෙල්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හොයලා බලන්න පත් කරපු Officer..."

"දේ ජිමින්ශි...අපිට පොලිසියෙන් විස්තර කිව්වා...එයාලට මේ වැඩේ කරන්න අමාරු නිසා අතහැරලා දාන්න සූදානමකින් වගේ ඉන්නේ කියලා අපිට තේරුණා..."

නම්ජුන් එහෙම කියද්දී ජිමින් කටකොනින් හිනාවුනා...

"ඒක එයාලගේ හැටි නම්ජුන්...අතට අහුවෙන සාක්ෂි නැතිවෙච්ච ගමන් එයාලා ඒවා අතාරින්න පෙලඹෙනවා...ඒත් අපිට ඒක කරන්න බෑනේ..."

ජිමින් එහෙම කියද්දී අනිත් තුන්දෙනාම ඔලුව වැනුවේ ජිමින් කියපු දේ අනුමත කරන ගමන්...ජිමින් වටේපිටේ ඇස් කරකවලා ලිවින්ග් රූම් එක දිහාම බැලුවා...

"හෝසෝක්...ඔයයි හනෙලුයි විතර මේ ගෙදර ඉන්නේ..."

ජිමින් අහද්දී හෝසෝක් ජිමින් දිහා බැලුවා...

"ඔව් ජිමින්ශි..."

"මං හිතන්නේ අපි පටන් ගමු...හනෙල්ව හොයාගන්න උපරිම උත්සහයක් දරන්න මං සූදානම්...ඉක්මන් වෙන තරමට හනෙල්ගේ ජීවිතේට අවධානමක් තියෙනව නම් ඒක අඩුවෙනවා..."

"දේ ජිමින්ශි..."

"ඉස්සෙල්ලා මට ඔයාලගේ රූම් එක චෙක් කරන්න ඕනි...එතනින් වැඩේ පටන් ගමු..."

ජිමින් එහෙම කියන ගමන් එතනින් නැගිට්ටා...හෝසෝක් මුල් තැන අරන් එයයි හනෙලුයි හිටපු රූම් එකට එක්කන් යද්දී නම්ජුන් ජින් දෙන්නා පිටිපස්සෙන් ආවා...

AGALMATOPHILIA [S1]🎭✔️Where stories live. Discover now