================================
🎭Agalmatophilia : Chapter 04🎭
🍁
You Can't Escape from me...
I'm your ONE & ONLY Owner
================================Author POV
@Haneul's View
හනෙල් නැවතුණා...
එයා වේගෙන් හති අරින ගමන් බැලුවේ එයා ඉන්නේ කොහෙද කියලා...හනෙල්ව මෙහෙට යුන්ගි ගෙනෙල්ලා සතියක් වුනාට කෙල්ල දන්නෑනේ මේ කොහෙද කියලා...එයා වටපිට බැලුවේ කාගෙන් හරි අහලා බලන්න...හනෙල් දිගටම ස්ට්‍රීට් එකේ ඉස්සරහටම ගියා...එයාට බයයි...යුන්ගි එයාව හොයාගනීද කියලත්...හනෙල් තාම පාස් කලේ යුන්ගිගේ අපාර්ට්මන්ට් එකේ ඉදන් 5kmක් විතරයි...
තිබුනු බයටමද කොහෙද හනෙල් වේගෙන් දුවලා...
යුන්ගි දැනටමත් දන්නවනම් හනෙල් නෑ කියලා...හනෙල්ට ඒක මතක් වෙද්දීත් ඇගම වෙව්ලන්න ගත්තා...හනෙල් ඉස්සරහින් දැක්කේ බස් හෝල්ට් එකක්...එතන මනුස්සයෙක් ඉන්නවා දැක්ක නිසා කෙල්ල ඉක්මනට එතනට දිව්වා...
"අජුස්සී...මේ කොහෙද කියලා කියන්න පුලුවන්ද..?"
හනෙල් එතන හිටිපු මනුස්සයගෙන් එහෙම අහද්දී ඒ මනුස්සයා කෙල්ලගේ පහල ඉදන් උඩටම බැලුවා...
"මේ ඉල්සාන්..."
"ම්වෝ...??"
කෙල්ල ඇස් දෙක ලොකු කරගන්න ගමන් ඒ මනුස්සයා දිහා බැලුවා...එයා ඇවිත් තියෙන්නේ කවදාවත් ඇවිත් නැති පැත්තකට...මොකක්ද කරන්න ඕනි කියලා හනෙල්ට හිතාගන්න බැරි වුනා...
"ආරස්සෝ කම්සාම්නිදා අජුස්සී..."
(Trans : Thank you Uncle)හනෙල් ඔලුවේ අත් දෙක ගහගන්න ගමන් වටපිට බැලුවා...දැන් නම් හනෙල්ට හිතුනා එයා කලේ ලොකුම ලොකු මෝඩකමක් කියලා...බේරෙන්න ඕනි තමයි...ඒත් තමන් ඉන්නේ ඇවිල්ලම නැති පලාතකට...උදව්වක් ගන්න කෙනෙක් කොහොමටවත් හොයාගන්න බැහැ...පාරවල් දන්නේ නැ...මිනිස්සු අදුරන්නේ නෑ...
දන්න එකම මනුස්සයත් යුන්ගි විතරයි...
හනෙල් කරන්නම දෙයක් නැති පාර තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා...වතුර බිංදු එක දෙක ඔලුවට වැටෙද්දී කෙල්ල අහස දිහා බැලුවා...
"Haneul...ඔයත් මේ වෙලාවටම තමයි මටම ආතල් දෙන්නේ..🙂"
හනෙල් අහස දිහා බලාගෙන එහෙම කියද්දී අහස කලු කරගෙන මහ වැස්සක් ආවා...නිකන් කෙල්ල කියපු දේ ඇහිලා අහසට තද උනා වගේ වැඩක් උනේ...😂
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanfictionAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...