================================
🎭Agalmatophilia : Chapter 21🎭
🍁
Ilsan to Daegu
================================
Author POV
Jimin's View"ජිමින්...අපි දැන් මොකද්ද කරන්න ඕනි..."
හනා ලොකු කල්පනාවක ගිලිලා හිටපු ජිමින්ගේ උරහිස උඩින් අතක් තියන ගමන් ඇහුවා...
"තාම *KNP එකෙන් ආරංචියක් ආවේ නෑනේ..."
"නෑ...ජිමින්..."
"අපි...එහෙම යුන්ගිගේ ගෙදරට යමු..."
"එහේ යුන්ගිශි ඉන්නවද දන්නෑ..."
හනා එහෙම අහද්දී ජිමින් හනා දිහා බැලුවා...
"ම්ම්ම්ම්...අපි ගිහිල්ලම බලමුකෝ...ටේහ්‍යුන්ග්ටත් එන්න කියන්න...මෙතන ආරක්ෂාවට ඉන්නවනේ...අපිට වෙලාව තියෙනවා..."
ජිමින් එහෙම කියන ගමන් කාර් එක පැත්තට යද්දී හනා ටේහ්‍යුන්ග්වත් එක්කගෙන කාර් එකට නැග්ගා...
විනාඩි කිහිපයකින් යුන්ගිගේ ගෙදර ගාවට එන්න පුලුවන් වුනා...ජිමින් කාර් එක මගින් නවත්තලා ඉතුරු ටික අනික් දෙන්නටත් බැහලා පයින් එන්න කියලා සංඥා කලා...
"ජිමින්...දොරවල් ඇරලා දාලානේ..."
"ම්ම්ම්...අපි යමුකෝ ඇතුලට..."
ජිමින් හනා දෙන්නම එයාලාගේ පිස්ටල් අරන් ලෝඩ් කරලා ඒම් කරන ගමන් ඇතුල් වුනා...ඒ වගේම ටේහ්‍යුන්ග්ට පිස්ටල් එකක් නැති නිසා ජිමින් හනා දෙන්නා මැද ටේහ්‍යුන්ග්ව තියන් ඇතුලට ගියා...
"ම්හ්ම්...කවුරුත් නෑ...හනා දොර ලොක් කරන්න..."
ජිමින් එහෙම කියද්දී හනා දොර ලොක් කරලා එයාගේ පිස්ටල් එක ඉණ පිටිපස්සෙන් ගහගත්තා...
"ඌෆ්...මේ ගෙදර ලොකු..."
ටේහ්‍යුන්ග් ඇස් දෙකත් ලොකු කරගන්න ගමන් වටේටම කැරකිලා බැලුවා...
"අපි බෙදිලා යමු...හනා ඔයා යුන්ගිගේ බෙඩ් රූම් එක පැත්තට...ටේහ්‍යුන්ග් කිචන් එක පැත්ත...මං මේ පැත්තේ පඩිපෙලෙන් උඩ තට්ටුවට...okay.."
"හරි..."
ජිමින් හනා ටේහ්‍යුන්ග් තුන්දෙනා තුන් පැත්තට බෙදිලා ගියා...
ජිමින් පඩිපෙල නැගලා උඩ තට්ටුවට ආවා...එතන තිබුනු රූම්ස් ඔක්කොම චෙක් කරන ගමන් එක රූම් එක ඇතුලට එබුනා...
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanficAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...