🎭Chp.27 彡 Bestie Love

42 10 1
                                    

================================
🎭Agalmatophilia : Chapter 27🎭
🍁
HOW DARE YOU!!!!
================================

Author POV
Jimin's View

"ජිමින්...වැඩේ හරි..."

හනා එහෙම කියන ගමන් ජිමින් ගාවින් ඉදගත්තා...

"ඩේගුවල හැම පොලිස් ස්ටේශන් එකකටම දැන්වුවාද?"

"ම්ම්...ඔව්...එයාලා කිව්වා...තොරතුරක් හම්බුනොත් දන්වන්නම් කියලා...කොහොමත් රෑට ඔය ස්ට්‍රීට්ස්වල පොලීසියෙන් යනවා...මුර සංචාරයේ..."

හනා එහෙම කියද්දී ජිමින් ඔලුව වැනුවා...ජිමින් ෆැක්ස් මැෂින් එක දිහා බලන් හිටියේ ටේහ්‍යුන්ග් Post murder reports දෙක ෆැක්ස් කරනකන්...

"හෝසෝක්...යුන්ගිට නඩු දානවනම්...අපිටත් සාක්ෂි දෙන්න වෙනවා...යුන්ගිට දඩුවම් හම්බවෙන්නේ නෑ...එයාට මානසික ප්‍රතිකාර දෙන්න කියයි...ඒක ෂුවර්..."

"ම්ම්ම්...හෝසෝක්...පිස්සුවෙන් වගේ ඉන්නේ...නම්ජුන්, ජින් නැති වුනානම් ඉවරයි..."

ෆැක්ස් මැෂින් එකේ සද්දේ ඇහෙද්දී ජිමින් ඒ පැත්තට නැඹුරු උනා...ඩොකියුමන්ට්ස් ප්‍රින්ට් වෙලා එද්දී ජිමින් ඒ ටික අරගෙන වෙනම Post murder report කියලා ගහලා ෆයිල් එකකට දාලා කබඩ් එක ඇතුලට දැම්මා...

"හනා...අපි මේ කේස් එකේ අන්තිම පියවරේ ඉන්නේ...හනෙල්ට කරදරයක් නොවුනොත් හුගක් හොදයි...ම්ම්...ඒත් යුන්ගි පව්...එයාගේ ඔම්මයි අප්පයි නිසා මේ තත්ත්වේ එයාට ඇති වුනේ..."

"එයාලා තව යුන්ගි ගැන බැලුවනම් මේ දේ වෙන්නේ නෑ ජිමින්...ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..."

"ම්ම්ම්...ඒක ඇත්ත...ඒක නෙවෙයි..අපි වෙනම ෆයිල් එකක් හදන්න ඕනි මේ කේස් එකට අදාලව...Post murder reportsවල ෆොටෝ කොපි මං ගත්තා ඒවා එකතු කරලා හදාගන්න...හනා ඔයා ෆයිල් එක හදන්න ඕනි...ඒක අපිට court එකට දෙන්න පුලුවන්..."

"හරි මං හදන්නම්..."

=================================

Haneul's View

හනෙල් බෝනික්කා දිහා බලාගෙන හිටියා...එයාට දැනුනේ ඔලුව නිකන් පිස්සු වැටිලා වගේ...කවදාවත් හිතපු නැති දෙයක් සිද්ධ වෙද්දී ඒ ගැන හනෙල්ට ලොකු කේන්තියක් දැනෙන්න ගත්තා...

AGALMATOPHILIA [S1]🎭✔️Where stories live. Discover now