================================
🎭Agalmatophilia : Chapter 09🎭
🍁
I'll find you my baby, Just wait for me
================================Author POV
After a Month@Hobi's View
"හොබී...ඔයාට හිතෙන්නේ නැද්ද අපි සෝල්වලින් පිට හෙව්වොත් හොදයි කියලා..."
නම්ජුන් එහෙම කියද්දී හොබී කල්පනා කරන්න ගත්තා...
"හනෙල් සෝල්වල හොයාගන්න නැත්තන්...අපිට වෙන පැතිවලත් බලන්න වෙනවා..."
ජින් නම්ජුන් දිහා බලලා එහෙම කිව්වේ නම්ජුන් කියපු දේ අනුමත කරන ගමන්...
"හ්ම්ම්ම්...මමත් කල්පනා කලේ ඒක තමා...අපි මුලු සෝල්වලම හෙව්වනේ...ඒත් කොහෙන්ද හොයන්න පටන් ගන්නේ...මට ඒක තේරෙන්නේ නැහැ..."
"මෙහෙමයි හොබී...හනෙල්ව කිඩ්නැප් කලේ සල්ලි බලාපොරොත්තුවෙන් නම්...අපිට සල්ලි ඉල්ලලා කෝල් එකක් එන්නේ හනෙල් කිඩ්නැප් කරපු දවසෙමයි..."
නම්ජුන් එහෙම කිව්වා...
"ඔව්...ඒකත් හරි...ඒත් මට හිතාගන්න බැරි දෙයියනේ මගේ තුරුලේ නිදන් හිටපු කෙල්ල උදේ වෙනකොට අතුරුදන් උනේ කොහොමද කියලා..."
හෝසෝක් අත්දෙකෙන් මූන වහගනිද්දී ජින් කොල්ලගේ පිට අතගෑවා...
"මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා හොබි...මට හිතෙන්නේ මේක ටිකක් ලොකුවටම ප්ලෑන් කරලා තියෙන පාටයි...ම්ම්ම්...නැත්තන් අඩුම තරමේ හනෙල්ගේවත් කිඩ්නැප් කරපු උන්ගෙවත් එවිඩන්ස් තියෙන්න එපෑ..."
ජින් එහෙම කියද්දී නම්ජුන් ඔලුව වැනුවා...
"හොබී...අපි මේක පොලීසියට කියන්න ඕනි...එයාලටත් අපි පොඩි අයිඩියා පාරක් දෙමු සෝල්වලින් පිට හොයන්න..."
"හ්ම්ම්ම්...එහෙමවත් කරමු...මට මගේ කෙල්ලව කොහොමහරි හොයාගන්න ඕනි..."
හොබී එහෙම කියන ජනේලෙන් ඉවත පාර දිහා බලාගෙන හිටියා...
==================================
Author POV
@Haneul's Viewඅදට මාසයක් වෙනවා හනෙල් යුන්ගිගේ ඉල්සාන්වල ගෙදර ඉන්න...පුදුමෙකට වගේ හනෙල් තාම යුන්ගිව දැක්කේ නෑ....
යුන්ගිව දැක්කේ නෑ කිව්වේ...??
හනෙල්ගේ පනිශ්මන්ට් එකෙන් දවස් දෙක තුනකට පස්සේ යුන්ගි හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වෙන්න ගත්තා...ඉස්සර වගේ කෙල්ලට කරදර කලේ නෑ...හනෙල්ව බේස්මන්ට් එකේ හිර කලේ නෑ...එදා ඉදන් යුන්ගි කෙල්ලව ඇස් මානෙන් තියාගෙන පරිස්සම් කලා...
එයා හිතන්න ඇති...හනෙල්ට ආදරෙන් සැලකුවොත් හැමදාම යුන්ගි ගාව තියාගන්න පුලුවන් වෙයි කියලා...
ඒ කොහොම වුනත් හනෙල් තාමත් උත්සහ කරන්නේ මෙතනින් පැනලා යන විදිහක් ගැන...යුන්ගි කොයි වෙලේ වෙනස් වෙයිද කියලා හනෙල්ට හිතන්න බෑ...හෝසෝක් කලබලෙන් හනෙල්ව හොයන බව හනෙල් දන්නවා...ඒ තරමටම හෝසෝක්ගේ ආදරේ හනෙල් විශ්වාස කරනවා සහ දැනෙනවා...
'මං මොකක්ද කරන්නේ...??'
හනෙල් යුන්ගිගේ බෙඩ් එක උඩ දිගා වෙලා සිවිලිම දිහා බලන් හිටියේ හිස් බැල්මකින්...
'මං හරි අවාසනාවන්තයි...එහෙම නේද?'
හනෙල් තමන්ගෙන්ම ප්‍රශ්න කරද්දී එයාගේ ඇස්වලට කදුලු පිරුණා...
හනෙල් එන්න එන්නම නිශ්ශබ්ද කෙනෙක් වෙන්න ගත්තා...වෙනදට තමන්ව නිදහස් කරන්න කියලා යුන්ගිගෙන් ඉල්ලන හනෙල්ම යුන්ගි දිහා හරිම හිස් බැල්මකින් බලන් හිටියා...
ඒක යුන්ගිගේ හිතටත් නොදැනුණා කිව්වොත් ලොකුම ලොකු බොරුවක්...
ඒ නිසා යුන්ගි හැම වෙලේකම හනෙල්ව සතුටින් තියන්න හැදුවත්...ඒක නිකන්ම නිකන් පත්තු වෙන්නැති පුස් වෙඩිල්ලක් වගේ උනා...
"හොබී...ප්ලීස් මාව ඔයා ගාවට ගන්න..."
හනෙල් තමන්ගේ දණහිස් බදාගෙන වකුටු වෙන ගමන් අඩන්න ගත්තා...තමන්ගේ කොට්ටේ කදුලුවලින් පෙගිලා තියෙන විදිහෙන් එයා කොච්චර අඩලා තියෙනවද කියලා කියන්න පුලුවන් වුනා...
හනෙල්ට දැනුනා එයාට තවදුරටත් ඉස්සර හිටපු හනෙල් වගේ ඉන්න බැහැ කියලා...එයාට දැනුනා එයා දැන් මානසිකව දුර්වල වෙන බව...ඒත් එයාට ඒක නවත්තන්න පුලුවන්කමක් තිබුනේ නැහැ....
ඒ කොහොම වුනත් තාම බලාපොරොත්තුවක් හනෙල්ට තියෙනවා...ඒ බලාපොරොත්තුවම හනෙල්ව ජීවත් කරන්න හොදටම ප්‍රමාණවත් වුනා...
===========================අද එක නම් කොටයි ඈ...😂😑💔
සොරි😋💜️Thank you so much for ur support😋💜️
Saranghae💜️
#Calypzo
YOU ARE READING
AGALMATOPHILIA [S1]🎭✔️
FanfictionAGALMATOPHILIA || S1 ~Sweet Dolly's ONE & ONLY Owner~ •°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•° Please leave Me, I'm tired of everything ~Kim Haneul If you don't belong to me, I won't let anyone own you ...