🌸 chapter 01 🌸

246 15 12
                                    

"බිගුන්............. ලමයෝ... ඉක්මනින් එන්න."

දැන් වෙලාව පාන්දර පහයි. අපෙ මවු දේවතාවිය ආරූඩවෙලා වගෙ බෙරිහන් දෙනවා ඉවරයක් නෑ අප්පා. මං නම් කියන්නෙ මෙච්ච පාන්දර ක්ලාස් දාන්නෙ අපේ සෑර් වව්ලෙක්ද මංදා...

උදෙම්ම නැගිටට ක්ලාස් යන්න කියල එලි බහිනකොටම අම්මගෙ දේවාලෙ වගෙ තියෙන මල් යායෙ මල් ගහක් පෑගුනම මට දැනුනෙ යුධ සෙබලෙක්ට බිම් බෝම්බයක් පෑගුනා වගෙ හැගීමක්.
මේක දකින්න කලින් දුවන්න තමා තියෙන්නෙ.

"අම්මේ මං ගියෝව්ව්ව්ව්ව්"

උදෙම්ම ක්ලාස් එකට එන්න කියල ආවට පාරෙ බස් තියෙනව කියල වැයි. පයිම්ම ගාටල යන්තම් එලිවෙද්දින් ක්ලාස් එකට ආවා. හරිනෙ අමාරුව ක්ලාස් පටන් අරන් අදත්.

"එක්ස්කි......"

" බිගුන් වෙලාවටම ඇවිත් "

"අනෙ සර් "

"වාඩිවෙන්න "

අම්මො මට නින්ද යාගෙන එනවා. ඊයෙ නිදාගත්තෙ නැතුව ඩ්‍රාමා බලපු මට මේවා ජීවිතේට හොද අත්දැකීම් හා නැද්ද ඉතින්. පැයෙන් පැය ගෙවෙනකොට සර් සීරිස් මූඩ් එක්කට එන්ටර් වෙන බවක් පෙනුනා. අනෙ ඉතින් පවුනෙ කියල උදව්වට මාත් සීරියස් උනා ඔන්න.

"අනෙ සර් ඇයි දැන් ඔය දුක හිතෙන කතා කියන්නෙ. සර් දැම්ම මැරෙනව කියල වැයි. දාල යනව කියන්නෙ මෙතන "

"අනෙ මෙ බිගුන් උබ මගෙන් අහගන්නෙපා. රචනාවක් ලියාගන්න පන නෑ. ඒ උනාට අනික්වනම්"

"හා හා ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්න ඕනිද. ප්‍රෙශර් නගී ලමයෝ. "

"බිගුන්........."

මම ඉතින් ඉදගත්ත නෙවෙ සසිත් මාව ඉන්දුවා. ඉතින් සර් කදුලුත් පුරවගෙන යනව කිව්වෙ අහවල් එකටද එහෙනම්.

" ඇත්තටම සසී බබා සර්ට මොකෑ වෙලා තියෙන්නෙ "

"අනෙ මෝඩ බිගූ සර් පැන්ශන් බොල"

" ආ ඕකට අඩන්නෙ මොකටද. පැන්ශන් එක ගෙදරටම එනවනෙ බන්. ඉදපන්කො මං හිත හදන්න ගානට මිම්මට."

" අනෙ බිගු මේ කටවහගෙන ඉදපන්.    නිලා මෙන්න මුට එකක් දීපන්"

" එකක් කිව්වෙ. උබල මොනවද කන්නෙ. මට එකක් මදි."

🌸 ඇස් අද්දර 🌸Where stories live. Discover now