හරි හරි මේපාරනම් බඩු බනිස් වගෙ.... කොහොමද දැන් ඩොක්ටර් කිව්වම..........
" ලවන් බිගුන්ට පිලිකාවක්. තව දවස් දෙක්කින් මැරෙනවා"
කියල............ ඊටපස්සෙ මූ දුකට වහබොයි. ඊටපස්සෙ මටත් කලින් මු මැරෙන්නෙ. පිලිකාවෙන් මැරෙන්න කලින් මං හාර්ට් ඇටෑක් එක්කින් මැරුනම තමා සුරලොව සැප පේන්නෙ ගෙදර මිනිස්සුන්ට. හරි අගෙයි ඩොක්ටර් ඔයා මට දෙන්න යන දෛවය..... අත්පුඩියක් මං ගානෙ හුහ්...
මං හොද සිහියට ආවෙ ලව් එකපාරටම මගෙ අතින් අල්ලගත්තු නිසා. අපරාදේ තව ටිකක් හිටියනම් අපි දෙන්නගෙ පාංසකූලෙත් දීලම එන්න තිබ්බ. කොහෙද මෙ මිනිහට කුලප්පුවනෙ.
" ඇයි ඩොක්ටර් බිගුන්ට මොකක්ද වෙලා තියෙන්නෙ "
" බයවෙන්නෙපා ලවන්. ගෙදර ඔක්කොමත් ඉන්න එකෙ මං කියන්නම්කො"
" ඩොක්ටර් මං මැරෙන්න වගෙ නේද යන්නෙ. ඕක කිව්වොත් ලව් වහ බොයි ඊටපස්සෙ මට හාර්ට් ඇටෑක් එකක් එයි ඊටපස්සෙ ඩොක්ටර් ට තමා හිරෙ යන්න වෙන්නෙ. අනික්......"
" චූටි ඩොක්ටර් ට කතාකරන්න දෙන්න "
" තාත්තෙ මේ "
එනව මෙතන මමනෙ ලෙඩා.... මෙයාල ලොකු උනා කියල මාවම මෙව්වා කරනවා අප්පා ඉක්මනට ලොකුවෙන්න ඕනි.....
" අයියො නැ නැ බිගුන් ඔයා මැරෙන්නෑ"
" ආ නැද්ද. "
" ගුටි නොකා කටවහගනින් බබා"
" හරි අපි නිහඩ උනා ඔන්න"
විශාල කරදරයක් උනානෙ මේක..... මං නියපොත්තක් අල්ලන් ඇද ඇෆ්හ අහක් බලාත්ත. මට දැන් කේන්තිත් එනවා එනවා වගේ....
" ඩොක්ටර් කියන්නකො. මොකක්ද වෙලා තියෙන්නෙ "
" ඔව් කියන්නකො. පෙසරුත් වගෙ මට"
" බිගුන්"
" හාරි හාරි"
" ඔයාලගෙ ට්රීට්මන්ට් මගදි නතර කරා කිව්වට............. ඒව සාර්තකයි මං හිතන්නෙ. බිගුන් ප්රෙග්නට් "
" වට්???"
ලව් මගෙ අල්ලන් හිටපු අත හයියෙන් මිරිකගත්ත. ඔව් මට ඒක ඕනවටත් වඩා දැනුනා. මං ට්රීට්මන්ට් නතර කරෙ රශ් ගැන හිතල. ඒත් දැන් මං ලග තව පැටියෙක් ඉන්නවද එතකොට....
YOU ARE READING
🌸 ඇස් අද්දර 🌸
Fanfictionඅකුණු ගහල හෙණ පුපුරල මහ වැස්සකට පස්සෙ පායපු අහිංසක දේදුන්නක්..... අදුරු මුල්ලක හැංගිලා උන්න සුදුපාට හිස් රෙද්දක පාට තවරනවා හොරැහින් දුටුව මං......