"ම්ම්ම්ව්වාහ්හ්.. මගෙ වස්තුව..."
සද්දෙට හාද්දක් තියලා පපුවට තද කරගත්ත රෝසමල එක්ක කේන් ඇස් පියාගද්දි රෝසමලත් අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඔක්කොගෙන්ම කේන්ව බදාගෙන ඇස් පියාගත්තා...
විනාඩිගානක් කේන්ගෙ පපුවෙ එයාගෙ නහය අතුල්ල අතුල්ල හිටිය රෝසමල ආයිම මතක් වෙලා ඇස් ඇරියේ කේන්ට දැනෙන්න නැතිවෙන්න හිමින් ඒ පපුවෙන් ඉස්සෙන ගමන්...
බෙඩ් ටේබල් එක උඩ තිබ්බ කේන්ගෙ ෆෝන් එකෙන් පැය 2කට එලාම් තිබ්බ රෝසමල ආයිම කේන්ගෙ පපුවට තුරුල් උනේ හිමිහිට කේන්ට නොදැනෙන්න.. එහෙම තමයි ඉතින් එයා හිතන් හිටියෙ ඒ උනාට කේන්ට රෝසමලගෙ ඔක්කොම වැඩ පෙනුනා..
දිවත් චුට්ටක් එලියෙ දාන් හපාගෙන හොර වැඩක් කරලා අන්තිමට පපුව අස්සට රිංගපු රෝසමල දැක්කම කේන් හිනාව හපා ගත්තා වෙන මොනා කරන්නද..
රෝසමලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. කොල්ලා අවේලාවක නිදාගත්තොත් ඇහැරෙන්න හරිම අමාරුයි.. පැත්ත වැටිලා නිදාගනී දිගටම... ඔය නිසා තමයි එලාම් එකක් තිබ්බෙ එයාගෙ ඩැඩීට කන්න දෙන්න ඕනි ආයිම බෙහෙත් පොවන්නත් ඕනිනෙ...
මොනා උනත් රෝසමල හිටියෙ හෙන සතුටින්... වෙනදට ඩැඩී එයාව බලාගන්නවා උනාට අද ඩැඩීව බලාගත්තෙ එයානෙ.. එයා වැඩේ ගානටම කලා කියලා කොල්ලා ගොඩක් සතුටින් හිටියෙ ඉතින්...
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"ඩැඩී... දැන් 12ක්නේ... නැගිටින්නකෝ..."
"......."
කේන් ඊයේ නිදාගන්නකොට රෑ 9.30ට විතර ඇති... නිදාගන්නකොට නෙමෙයි එයාව නිදිකරවනකොට වෙන්න ඕනි... මොකද ඊයෙ දවසම රෝසමල නර්ස් ජොබ් එක බාර අරගෙනනේ තිබ්බෙ... ඉතින් කවලා පොවලා බෙහෙත් දීලා නිදිකරවද්දි රෑ වුනා ඉතින්...
රොකී කිව්වෙ පැය 8ක් 9ක් නින්ද යයි කියලා.. ඒ උනාට ඩැඩී දැන් පැය 12කටත් ලං වෙන්න නිදි... රෝසමලට හොදටම පාලු හිතිලා.. උදේ 8 ඉදන් සැරෙන් සැරේට ඇවිත් බලනවා දැන් නැගිටලද දැන් නැගිටලද කියලා... දැන් උදේ 10ටත් ලගයි තාම නෑනේ.. බලන් ඉදලා ඉදලා ඉන්නම බැරි තැන තමයි රෝසමල මේ කේන්ව ඇහැරවන්න හදන්නෙ...
YOU ARE READING
රෝස පෙති🌸 Rose Petals🌸
Non-FictionFluffy Smut story Mature content Sinhala Fiction BL story Boy×Boy love Strong language Smut Story Read at ur own risk🌸 All the credits goes to the relevent owners for the images and photos in this story that have simply downloaded from internet sou...