විසිතුන්වන රෝස පෙත්ත🌸

1.4K 76 9
                                    

එයාට දැනෙන්නෙ මොනවද... කේන්ට හිතාගන්න බෑ... එයාගෙ කටින්ම කියලා තියෙනවා රොකීත් එක්ක ප්ලේරූම් යන්න කියලා... ඒත්... ඒත්... ඇත්තටම එයාලා ගියාම කේන්ට ඇයි මෙහෙම අමුතුවට දැනෙන්නෙ... හරියට එයාට රෝසමලයි රොකීයි ද්‍රෝහී උනා වගේ..!

"ඩැඩී...හ්"

වෙනසක් නෑ... වෙනදා වගේම තමයි... රෝසමල කේන්ව දැක්කගමන් දුවගෙන ඇවිත් ඇගට පැනලා බෙල්ලෙ එල්ලිලාම කේන්ව බදාගත්තා... කේන් ඉතින් වැඩ දන්න නිසා බේරුනා නැත්තන් මේ වෙනකොටත් දෙන්නා පඩිපෙල පහලටම පතබෑවිලා ඔලුත් පලාගෙන...

රෝසමලගෙ පිට මැද්දෙන් අත දාලා ඇගට තද කරගෙන කම්මුලක් එබෙන්නම ඉම්බ කේන් අනිත් අතේ තිබ්බ රෝසපාට රෝසමල අරන් රෝසමලගෙ බෙල්ලෙ ගෑව්වා... ඒ දැනුනු සිනිදු කිතියට කේන්ගෙ බෙල්ලෙන් මූන අරගත්ත රෝසමල කෙන්ගෙ අතේ තියෙන ලස්සනම ලස්සන රෝසමල අරන් ඉම්බා...

"ලස්සනයි..."

"මගේ මල තරම් නෑ..."

කේනුත් හිනාවක් එක්ක කියලා ආයිම රෝසමලගෙ කම්මුලකට හාදුවක් දුන්නා..

"බහින්නෙ නැද්ද ඉතින්.."

"ම්හුහ්.."

"ඩැඩීට කොෆී එකක්.."

ඒ කිව්ව පරක්කුවට රෝසමල කේන්ගෙ ඇගෙන් බැහලා කිචන් එකට දිව්වෙ එයාගෙ ඩැඩීට කොෆී එකක් ගේන්න...

මෙච්චර වෙලා කේන් දිහා බලාගෙන කියන්නෙ මොනාද කියලා හිත හිත හිටිය රොකී දිහාවට බැල්මක් දැම්ම කේන් 'වරෙන්' කියලා හිසින් කියන ගමන් පඩි බහින්න ගත්තා...

"බෑ බෑ කිව්ව ඩබල ඔය ගිහින් තියෙන්නෙ..."

කේන් රොකීට කිව්වෙ ගානක් නෑ වගේ... ඒත් තමන්ට ඉස්සරහින් කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන පඩි බහින කේන් දිහා වරදකාරී බැල්මකින් බලපු රොකී බෙල්ල කසාගත්තෙ 'හ්ම්ම්' කියන ගමන්.. වෙන මොනා කියන්නද... කලාට මොකෝ යවන්න තිබ්බ එව්වා යැව්වට පස්සෙ රොකීට හෙන අප්සට්... මොන මගුලකට ශේනුවත් ඇදගෙන මෙහෙම එකක් කලාද කියලා හිත හිත කොල්ලා හිටියෙ...

ලිවින් ඒරියා එකේ සෝෆා එකෙන් කේන් ඉදගද්දි ඊට ඉස්සරහින් රොකීත් වාඩිඋනා.. දෙන්නට දෙන්න පොඩ්ඩක් විතර ඇස් එහෙ මෙහෙ අරන් ගියේ මූන බලන එක මගහරින ගමන්... එතකොට තමයි රෝසමලත් කොෆී මග් එක අරන් කේන් ගාවට ආවේ...

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now