තිස්හතරවන රෝස පෙත්ත🌸

1.5K 72 8
                                    


"කේන් අයියේ..."

දෙන්නත් එක්ක ජූස් බාර් එකට යන්න කලින් ඇහුන සද්දෙට හැරිලා බැලුවා.. කේන් එක්කම ඒ දිහා බැලුව රෝසමලගෙ ඇස් හීනි වෙලා ආයිම ලොකු වෙලා ආයිම යන්තම් පොඩි උනේ ඒත් එක්කම තදට කේන්ගෙ බාහු හරිය මිරිකෙද්දි...

"විශූ...??"

ඔව් ඒ විශූ...සති ගානකට පස්සෙ... විශූ කිව්වෙ මේ සුගත් හොයාගත්ත විශේන් ජයවර්ධන.. පොතේ හැටියට හෙට ඉදන් බ්ලූ මූන් හොටෙල්ස් වල අයිතිකාරයා...

"කේන් අයියේ.. ගොඩ දවසකින්... මේ... මෙයාද ඔයාගෙ රෝසමල..."

විශූ ඒ අහද්දිත් රෝසමල කේන්ව තදට අල්ලගෙන ඉවරයි...මාස්ක් එක නිසා ඇහුනෙ නැති උනාට ඒ තොල් අතරින් මිමිනුනේ "මගෙ ඩැඩී.." කියන වචන ටික.. ඇයි ඉතින් එක්කෙනෙක් සද්දයක් දැම්මනෙ කේන් වෙන කාගෙවත්‍ ය කියලා...

රෝසමලගෙ ග්‍රහනය තද වෙද්දි කේන් අනිත් පැත්තට ඒ අතම රෝසමල වටේ යවලා තද කරගෙන රෝසමලගෙ ඇස් දිහා බැලුවෙ සේරම හොදින්.. බය වෙන්න එපා කියන්න වගේ..

"ඔව් විශූ මේ මගෙ මල... මගෙ හැමදේම.."

ඒ කියනවත් එක්කම කේන් විශූ දිහා බැලුවෙ හරිම සන්සුන්ව.. වැඩක් නෑනේ දැන් බොරුවට කෑගහගෙන බැනගෙන.. කේන් හැමදේම විසදන්න ඕනි විදියටම විසදලා ඉවරයි...

" එයා ලස්සනයි පාටයි... පොඩි එකෙක් වගේ..."

"හ්ම්.. මගෙ කියුට් බෝලේ..."

කේන් එහෙම කියනගමන්ව රෝසමලගෙ හිස් මුදුනට හාදුවක් දුන්නෙ හූඩි එක උඩින්ම.. රෝසමලගෙ ඇස්නන් දිලිසුනා.. ඩැඩී ආදරේ එයාටනෙ.. එයාගෙනෙ....

"ෆ්ලය්ට් එක හෙට නේද..."

"ම්හ්..අනිද්දා පාන්දර.. විශූ මොකෝ අසනීපෙන් වගේ.. මූනත් සුදුමැලි වෙලා..."

කේන් ඇහුවෙ ඉතින් ගානක් ඇතුවත් නෙමෙයි.. නිකන් එයාගෙ ගෙස් එක හරි ගිහින්ද වගේ දැනගන්න.. ඔය අසනීප පාටින්නන් ඉන්නෙ වෙන මුකුත් නෙමෙයි සුගත් දැන් දැන් එලිපිටම විශූට රිද්දන නිසා.. මේ ලගක් වෙනකන් පුතෙක් ගානට හැමෝම ඉස්සරහා විශූව බලාගත්ත සුගත් පෙරේදා එයාගෙ ඩීල් එකකට විශූව මිනිහෙක් ගාවට යැව්වෙ දැන් අර 'පුතා' කියන තැන පෙන්නන එක නවත්තලා දාලා.. ඇත්තම කතාවනන් කොල්ලා දැන් ඉන්නෙ මේ උගුලෙන් ගැලවෙන්න බැරුව...

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now