දාසයවන රෝස පෙත්ත🌸

1.4K 92 1
                                    

"එනිවේ.. කේන්ට කියන්න එයාගෙ විශූ කෝල් කලා කියලා... "

එහා පැත්තෙන් කෝල් එක කට් වුනා.. ඒත් රෝසමල තාම ෆෝන් එක කනේ තියාගෙන.. එයාගෙ ඔලුව පිරෙන්නම වචන ඇහුනා...

'සෙල්ලම් බඩ්ඩ' 'එයාගෙ විශූ' 'එයාගෙ'

එතකොට රෝසමල... රෝසමල කාගෙද...

රෝසමල ස්ටක් වෙලා හිටියට අනිත් පැත්තෙ හිටිය කෙනාගෙනන් මූනෙ මහ නසරානි හිනාවක් තිබ්බෙ... කේන්ගෙ බේබි ඩෝල්ව හම්බෙලා දෙකක් කතා කරන්න විශූට පුදුම කුලප්පුවක් තිබ්බෙ.. දැක්කෙ නැති උනාට වචන දෙක තුනක් කිව්ව සතුට එයාගෙ හිතේ තිබ්බා...

කේන්ගෙ බේබිඩෝල් අහිංසක ලාමක හුරතල් කොල්ලෙක් වෙන්නඇති කියලා විශූට අකැමත්තෙන් උනත් පිලිගන්න වෙනවා.. මොකද ඒ කටහඩ.. ඒක හරිම මෘදුයි... කට්ටිය කියන තරම්ම කොල්ලා ලස්සන හුරතල් පාටට ඇති කියලා හිතිලා විශූට පුදුම තරම් තරහක් ආවේ..

බේබිඩෝල්ව රිද්දන්නත් එක්ක එහෙම කතා කලෙත් ඒකයි... එයාට ඇහිලා තියෙන දේවලුයි කේන් කොයි වෙලාවෙත් ඉස්සරහට දාලා එයාව මගහරින හේතුවයි ඔක්කොම ඔය බේබිඩෝල් නිසා කියලා මතක් වෙද්දි කේන්ගෙ ගෙදරින් කොල්ලව ඇදලා එලියට දාන්න තරම් කේන්තියක් තරහක් ඉරිසියාවක් එයාට එනවා....

 එයාට ඇහිලා තියෙන දේවලුයි කේන් කොයි වෙලාවෙත් ඉස්සරහට දාලා එයාව මගහරින හේතුවයි ඔක්කොම ඔය බේබිඩෝල් නිසා කියලා මතක් වෙද්දි කේන්ගෙ ගෙදරින් කොල්ලව ඇදලා එලියට දාන්න තරම් කේන්තියක් තරහක් ඉරිසියාවක් එයාට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විශූ / විශේන් අසල්‍ය ජයවර්ධන /සවීශ් මනුකල්ප

ඔය මොන හේතුව උනත් කාටවත් වැරැද්දක් කරලා නැති අහිංසක හිතක් තලන එක හරි පව්... අපේ රෝසමල හිටියෙ එයාගෙ හිත හොදටම රිද්දගෙන.. එයාගෙ ලස්සනම ලස්සන නියපොත්තක් ඉවර වෙන්නම වගේ හපන්න ගත්තෙ ඇදන් හිටිය ශෝට් එකේ කොනක් අතින් මිරිකගෙන..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

කේන් ගෙදරින් ආවට මොකද එයාට මොකක් හරි දෙයක් අවුල් වගේ දැනෙනවා.. එයාගෙ රෝසමල පොඩ්ඩක් අද වෙනස්.. ලොකු වෙනසක් නෑ.. ඒත් ඒ ඇස් අද දිලිසුනේ නෑ වගේ.. ඊයේ රෑත් ඔය වෙනස එයාට දැනුනා.. මොකක්ද කියලා හිතාගන්න බැරුව තමයි කේන් මේ ඉන්නෙ...

රෝස පෙති🌸 Rose Petals🌸Where stories live. Discover now